ඉතාලි යවනවා කියා රට වටෙන් සල්ලි ගැරූ යුවළ රිමාන්ඩ් : පාස්පෝට් 83කුත් ළඟ තිබිලා – හිරුණි ලක්ෂිකා
ගණේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ ඉකුත් දා සිදු කළ වැටලීමකින් විවිධ පුද්ගලයන්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය පවසයි.
සැකකරු වයස අවුරුදු 51 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකාරිය වයස අවුරුදු 62 ක් වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් මොවුන් දෙදෙනා රට වටේ විවිධ පුද්ගලයන්ගෙන් ඉතාලි යවන බව පවසා ලක්ෂ ගණන් එකතු කරගෙන ඇති බවත් පොලිසිය කියයි.
මෙම ජාවාරමට ඉතාලියේ වෙසෙන අයෙකු හවුල් වී ඇතැයි ද ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගනිමින් සිටින බවද පොලිසිය කියයි.
සැකකාරිය හා සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
