ආබාධිත රණවිරුවන් වසර 55න් පසුව මියගියහොත් විශ්‍රාම වැටුප සහ දීමනා ළඟම ඥාතීන්ට ලබාදීමට යෝජනාවක් – හිරුණි ලක්ෂිකා

වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව රාජකාරියෙන් ඉවත් වී සිටින ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප සහ ස්ථාවර දීමනාව වසර 55න් පසුව ඔවුන් මියගියහොත් ඔවුන්ගේ ළඟම ඥාතීන්ට ලබාදීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රගීත් මධුරංග මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඵම මන්ත්‍රීවරයා අසා සිටියේ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව ආබාධිත රණවිරුවන් රාජකාරියේ යෙදෙන්නේ නැති වුවත් ඔවුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප වසර 55 වනතුරු ලැබෙන බවත් අවුරුදු 55ට පෙර ඔවුන් මියගියහොත් ඔවුන්ගේ ළඟම ඥාතීන්ට එම විශ්‍රාම වැටුප සහ ස්ථාවර දීමනාව ලැබෙන බවයි.

ඔහු විමසා සිටියේ වසර 55න් පසුව එම ආබාධිත රණවිරුවෙකු මිය ගියහොත් එම විශ්‍රාම වැටුප සහ ස්ථාවර දීමනාව ඔවුන්ගේ ළඟම ඥාතීන්ට ලබා දෙනවාද කියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *