බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – හිරුණි ලක්ෂිකා

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකුට අද (08) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෝර්වුඩ්, ඕලිටන් වතුයායේ පදිංචිව සිටි සිවා කනගරත්නම් නැමති 36 හැවිරිදි පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ, තම නිවසට පානිය ජලය ලබා ගන්නා නලයක් තේ වත්තේ කැඩී ගොස් තිබූ බවත්, එය අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේ ගසක් මැද බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී එම පුද්ගලයාට පහර දී ඇති බවයි.

තුවාලකරු දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේත් මිය ගොස් සිට ඇති බවත්, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ ‍වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *