ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී – නදීක දයා බණ්ඩාර

සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරේ.

පස්වරු 06.51ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් ඉහළට ගෙවැදීම සිදුවේ.

සාධාතුක පෙරහැර කරඩුව වැඩම කිරීම රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසින් සිදුකරන අතර දෑලේ ගමන් ගන්නේ  සිංහ රාජා සහ පුලතිසි රාජා යන ඇතුන්ය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා දළදා පෙරහැර ගමනට එක් වන අතර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලවල බස්නායක නිලමේවරුන් එම දේවලා නියෝජනය කරමින් පෙරහැර ගමනට එක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *