උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට
වැලිමඩ උමා ඔයේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ අද පස්වරු 3.00ට පමණ ළමුන් තිදෙනෙකු උමා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඉන් දෙදෙනෙකු දියේ ගිලී ඇති බවය.
මියගිය ළමුන් දෙදෙනා 10 හැවිරිදි ගිරාඹේ සහ හොරගොල්ල ප්‍රදේශවල පදිංචිව සිටි ළමුන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.
මියගිය ළමුන් දෙදෙනාගේ මෘතශරීර මේ වන විට වැලිමඩ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
