අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළැයි වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.
අප කළ විමසීමකදී කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.
ඇය අද (ජූලි 7) නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, සැකකාරිය අද පස්වරුවේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තම මවට ඇප දෙන්නැයි නීතිඥවරයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර කරුණු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඇය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කර ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
