බිහිසුණු අනතුරක් , තරුණයෙකුට මරු කැඳවයි – ඉමල්ෂා නෙත්මිණි
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ තරුණයෙක්.
සිදුවීම පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
