අමෙරිකා තීරු බද්ද: ‘සහනයක් ගන්න සාකච්ඡා කරනවා’- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

0

අමෙරිකාව විසින් පනවනු ලැබූ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් 9 වන දා ට පෙර යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 3) විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ය.

අමාත්‍යවරයා තවදුරට ත් ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් සිදු කළ ක්‍රියාවලියක් නොවන බව ය.

“මෙම තීරු බදු ලංකාව ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙමෙයි. ඔවුන් වෙළෙඳාම කරන සියලු ම රටවල් ඉලක්ක කරගෙන මෙම තීරු බදු ඉහළ දැමීම සිදු කරලා තියෙනවා.”

“මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි සාකච්ඡා සිදු කරනවා. අපි මේ වනවිටත් යම් ආකාරයක අදහස් හුවමාරු කරගෙන තියෙනවා. අප්‍රේල් 9 වන දාට පෙර සාකච්ඡා කර යම් කිසි සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *