පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති වශයෙන් මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා පත්වේ. – නදීක දයා බණ්ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති වශයෙන් දන්ත වෛද්‍ය පීඨ මහාචාර්යය රංජිත් පල්ලේගම මහතා පත්වී ඇත.

ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වශයෙන් සහ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර තත්ත්ව ආරක්ෂක මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි.

හිටපු නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා උපකුලපතිධූරයට පත්වීමෙන් සිදුවූ පුරප්පාඩුවට මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා පත් කොට තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධිය වර්ෂ 1997දී  සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්න වෛද්‍ය පීඨයේ සේවයට ඒ මහතා එක්වී ඇත. එමෙන්ම ඒ මහතා ජපානයේ Tokyo Medical and Dental university යේ ආචාර්ය උපාධිධාරියෙකි.

නව නියෝජ්‍ය උපකුලපතිවරයා අද දින සිය ධූරයේ රාජකාරීභාර ගත් අතර එම අවස්ථාව සඳහා උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed