වගා බිමකදි කොටියෙක් මන්දකට අසුවෙයී. – හැටන් – චන්දන ජයවිිර

 

මස්කෙලිය පොලිස් වසමට අයත් ලකම් පුද්ගලික තේ වත්තේ වගා බිමක වැටක අටවා තිබු මද්දකට පැන්තරාපාදුස් වර්ගයට අයත් මෙරට ට ආවේනික කොටියෙකු අසුවී තිබියදි ප්‍රදේශවාසින් දැක පොලිසිය හා ,නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ.

ඉකුත් 31 දා රාත්‍රියේ මෙම සතා මද්දට හසුවී තිබේ .අවුරුදු 8 ක් පමණ වයස වු ගැහුණු සතෙක් බව වනජිවි නිලධාරීන් පැවසිය.සතුන් දඩයම් කිරිම සදහා අටවල ලද මද්දක් බවත් අනාවරණය වී තිබේ.

මෙම ප්‍රදේශ වල තේ වතු හා වගා බිම් ආශ්‍රිතව බොහෝ අවස්ථා වල දී වන සතුන් මේ ආකාරයෙන් මදු වලට හසුවී මිය යන අතර වාගා බිම ආරක්ෂා කර ගැනිමට බව පවසමින් අනවසර දඩමස් වෙළදාමේ නිරත වන පුද්ගලයින් මේ ආකාරයේ මදු ඇටවිම සිදු කරනු ලැබේ.

මෙම සතා මුදවා ගැනිමට වන ජිවි නිලධාරින් ක්‍රියාත්මක වෙමින් සිටි අතර නිර්වින්දනය කිරිම සදහා ගම්පොල ප්‍රදේශයේ සිට වෛද්‍යවරයා පැමිනෙන තුරු පවතින රැදි සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed