කිසිදු ජනපති අපේක්ෂකයකු මෙරට 70% වු අවිදිමත් අංශයේ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කිසිදු සදහනක් නෑ – potect සංගමය චෝදනා කරයි -හැටන් – චන්දන ජයවීර
මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී තිබෙන කිසිදු අපේක්ෂකයෙකු අවිදිමත් අංශයේ කම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු සදහන් කිරිමක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කර නොමැති බවට ෙප්රාටෙක්ට් සංගමය චෝදනා කරති.
ඔවුන් එසේ පැවසුවේ හැටන් නගරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්ය .එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති කර්පයියා මයිදිලි මේසේ පැවසීය .
අපි දකිනවා මේ දිනවල ජනාධිපති අපේක්ෂකවරු වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් සිටිනවා .අපි කොතනකදී වත් දකින්නේ නෑ අවිදිමත් අංශයේ කම්කරුවන් ගැන කිසිම ප්‍රතිපත්ති ප්රකාශනයක සදහන් වෙනවා .ඒ නිසා අපි අහන්න කැමතියි ශ්‍රම බලකායේ සියයට 70 ක් වන අවිදිමත් අංශය ,ගෘහ සේවිකාවන් ගැන කොතනද තැනක් දීලා තියෙන්නේ කියලා .ඒ වගේම එම ප්‍රතිපත්ති ප්‍රකාශන වල කුමන කරුණකින්ද ඒ අය ආවරණය වෙන්නේ කියලත් අහන්න කැමතියී .එම නිසා තවදුරටත් ඔය බොරු පොරොන්දු වලට අපි රැවටෙයි කියල හිතන්න නම් එපා .
අපි මේ වන තුරු දැක්කේ නෑ කිසිම අපේක්ෂකයෙක් අපි වෙනුවෙන් කතා කරනවා .හිටපු කම්කරු ඇමතිවරු කවුරුවත්ම මේ අවිදිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් කිසි දෙයක් කලේ නෑ.ඒ අයත් අපිට බොරු පොරොන්දු විතරයි දුන්නේ .
ඒ වගේම වතුකරයේ ඉන්න කම්කරුවන් ගේ වැටුප ගැන කතා කරනවා .අපි මේ මොහොතේ කියන්න කැමතියී වතුකරේ ඉන්නේ තේ වතුවල වැඩ කරන කම්කරුවෝ විතරක් නෙමෙයී.අවිදිමත් අංශයේ කම්කරුවන් තමයී බහුතරයක් ඉන්නේ .ත්‍රිරෝද රථ රියදුරන් ,ස්වයං රැකියාවල නිරත වන පිරිස් ,ලොතරැයි අලෙවිකරන අය ,ගෘහස්ථ කම්කරුවෝ , මේ කිසිකෙනෙක් ගැන මේ ඇමතිවරු කවුරුත් කතා කරනවා හෝ ප්‍රතිපත්ති හදනවා අපි දැක්කේ නෑ .අපි මේ මොහොතේ ඉල්ලන්නේ අපි වෙනුවෙනුත් ප්‍රතිපත්ති හදන්න කියලා.අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා.ඒ නිසා බොරු පොරොන්දු දිලා ඡන්දය ඉල්ලන්න එන්නත් එපා .
ඒ වගේම ජනාධිපතිතුමා එක තැනක කියනවා විදේශීය කාන්තාවන් තිදෙනෙක් තමයී මේ රටේ ආර්ථිකය හදන්න උදව් කලේ කියලා .ඒ කතාව විහිළුවක් .අහනකොටම හිනා යනවා .අපේ රටේ ඉන්න කාන්තාවෝ ගැන එයාට කිසිම හැගීමක් නෑ .මේ රටේ ආර්ථිකය හදන්න වැඩ කරපු අවිදිමත් අංශයේ කාන්තවෝ ගැන කිසිම කිසිම සදහනක් නෑ .විදේශීය හා දේශිය වශයෙන් අවිදිමත් අංශයේ කාන්තාවන් තමයි ආර්ථිකය හදන්න වැඩ කලේ.ඒ නිසා සංගමයක් විදියට බලාගෙන ඉන්නවා ජනාධිපති අපේක්ෂකයින් මේ අවිදිමත් අංශයේ ශ්‍රමිකයන් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කරලා කටයුතු කරන තෙක් .