ඇසළ පෙරහැර මංගල්‍යයේ දිවා පෙරහැර වීදි සංචාරයට එක්වේ. නදීක දයා බණ්ඩාර

ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කොට තුබුණු සධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන දහවල් පෙරහැර වීදි සංචාරය කිරිම අද පස්වරුවේ සිදුවිය.

පස්වරු 02.11ට උතුරු දිශාභිමුඛව පෙරහැර වීදි සංචාරයට එක්වූ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු විසිනි. මියන්රාජා හා කෝට්ටේ රාජා ඇතුන් දෑලේ ගමන් ගත්හ.

දිය කැපීමෙන් පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල දළදා පෙරහැරට එක්වූ අතර එම පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවේ.

දහවල් පෙරහැර සමඟ මහනුවර නගරයට වැසි ඇද හැලුණු අතර වර්ෂාව නොතකා සැදැහැවතුන් පෙරහැර මංගල්‍ය නැරඹීමට සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed