ආර්ථික අර්බූදයෙන් පීඩාවට පත් චලනාබාධිත පුරවැසියෝ – සත්‍යා නිර්මාණී
ඔබටත්, මටත්, රිසි තැනක රිසි මොහොතක යන්න අවකාෂ ඇත. අප නිවස තුළ උවද අපට කිසිදු ගැටලුවක් නැති අතර නිවසින් පරිබාහිර ලෝකය අවශ්‍යතාව අනුව යාම්/ඊම් කිරීමට භාධාවක් නැත. එහෙත් ඒ ආකාරයට යාම්/ඊම් කටයුතු කළ නොහැකිව පීඩාවට පත් පිරිසක් අපත් සමගම මේ සමාජය තුළ ජීවත් වන බව ඔබ දැනන් සිටියාද?
ඒ වෙන කිසිවෙක් නොව, ශාරීරික ගැටලු සහිත ආබාධිත ප්‍රජාවයි. එසේත් නැති නම් රෝදපුටු භාවිත කරන්නන් ඇතුළු චලනාබාධිත පුද්ගලයන් ය. ඔබට මට මෙන් රිසි ලෙස ගමන්බිමන් යාමට ඔවුනට හැකියාවක් නැත. තමන්ට අත්‍යවශ්‍ය ගමනක් උවද ඔවුනට එක වරක් නොව, ඊට වඩා වාර ගණනාවක් සිතීමට සිදුව ඇත. ඒ රට තුළ ඔවුනට රිසි පරිදි, ඔවුනට ප්‍රවේශ විය හැකි ලෙස මාර්ග පද්දතියක්, ප්‍රවේශ පහසුකම් මෙන්ම ඔවුනට පහසු පරිදි ප්‍රවාහන අංශය පවා නිර්මාණය නොවූ වටපිටාව හේතුවෙනි.
ඇතැම් විට ඔවුනට ඔවුනගේ නිවස තුළවත් රිසි ආකාරයෙන් යාමේ හැකියාව අල්ප ය. තම නිවස තුළ ඕනෑම තැනකට, ඕනෑම මොහොතක යාමට සහ තම කටයුතු කරගැනීමට ඉඩ ලැබීම තුළ පවුලේ අන් සාමාජිකයන් හා එකට විසීමේ අවස්ථාව ලැබීම ඉතා වැදගත් බව ඇමරිකාණු ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වූ සංවිධානය ප්‍රකාෂ කරයි. නමුත් එය ඒ ආකාරයෙන්ම සිදුවේද?
බොහෝ චලනාබාධිත පුද්ගලයන් තමන්ට පහසු ලෙස නිවස තුළ වටපිටාව සකසා ගත්තත්, සියළු දෙනාට ඒ හැකියාව නැත. නමුත් ඇතැම් අවශ්‍යතා සකසා ගැනීමේ දී ආර්ථිකය ඔවුනට භාධාවක් වී ඇත. ඇතැම්විට පවුලේ සාමාජිකයන්ගේම ආකල්ප ද ඔවුනට භාධාවක්ව ඇත. ඇතැම් ගම්බද ප්‍ර දේශ තුළ වැසිකිලි සහ කැසිකිලි පහසුකම් ඇත්තේ නිවසින් බාහිරව ය. එවිට එවන් තැන්වලට යාම ඔවුනට ඉතා දුශ්කර වේ. විශේෂයෙන් වැසි දිනවල ඔවුන් මහත් අපහසුතාවට පත් විය හැකි ය. 2012 වර්ශයේ අප රට තුළ කරන ලද සමීක්ෂණයෙන් හෙලිවූයේ රට තුළ ආබාධිත පුද්ගලයන් ලක්ෂ දාහතකට ආසන්න ප්‍රමානයක් සිටින බවයි. ඉන් චලනාබාධිත පිරිස ලක්ෂ හතකට වැඩි වේ. එයින් ද බහුතරය ස්ත්‍රීන් බව ද සඳහන් කළ යුතුම වේ. අද වන විට වසර 12ක් ගත වී ඇති අතර නව සංඛ්‍යා දත්ත දැනට වාර්ථා වී නැත.
පොදු ස්ථාන භාවිතය
ටිකිරි කුමාර ජයවර්ධන රෝදපුටු භාවිත කරන අයෙකි. එහෙත් කුඩා කළ සිට ජීවිතේ අබියෝග රැසකට මුහුණ දී අද වන විට පශ්චාත් උපාධිය දක්වා අද්‍යාපනය ලබා දැනට ශ්‍රී ලංකා මැතිවරණ කොමිශන් සභාවේ සේවය කරමින් සිටින ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාශීලී නායකයෙකි. මෙහි දී අප හා එක් වූ ඔහු මෙවන් අදහසක් දැක්වීය. ( ඕනෑම පුද්ගලයෙක්ට පාසැල්යාමට, රෝහලකට යාමට, තැපැල් කාර්යාලයකට, දුබ්‍රිය ස්තානයකට යාම ආදි බොහෝ කටයුතු එදිනෙදා ජීවිතයේ දී ඇත. අනාබාධිත පුද්ගලයන්ට එය ගැටළු සහගත නොවේ. නමුත් චලනාබාධිත පුද්ගලයන්ට කුඩා කළ පෙර පාසැලට, පාසැලට යාමේ සිට ගැටලු ය. සාමාන්‍යෙයන් අප රට තුළ පාසැල් තුල පරිසරය සංකීර්ණ ය. පඩිපෙල්, කාණු පද්දති භූමිය තුළ සුළඹ ය. රෝදපුටු භාවිත කරන්නන්ට එය හිතකර පරිසරයක් නොවේ. එයින් නොවුන් මහත් දුශ්කරතාවන්ට පත්වේ. එවන් සිසු දරුවන් පාසැල් ගොස් තම අද්‍යාපනය නිමා කරගෙන ඇත්තේ පවුලේ සාමාජිකයන්ගේ කැප වීම, මිතුරන්ගේ උපකාරය සහ ගුරු මණ්ඩළයේ නොමද සහයෝගය හේතුවෙනි. නමුත් සියල්ලන්ට එසේ හිතකර පරිසරයක් නිර්මාණය වන්නේ නැත.
ඒ වගේම ඕනෑම පුද්ගලයෙක්ට රෝහලකට යාමට සිදුවිය හැකි. වෙනත් අවශ්‍යතාවන්ට විවිධ වූ ස්තානවලට යාමට සිදුවේ. නමුත් බහුතරයක් ස්ථානයන්හී එම පුද්ගලයන්ට ප්‍රවේශ වීමට කිසිදු පහසුකමක් නැත. එම නිසා ඔවුනට සිදුව ඇත්තේ වෙනත් අයෙකුගේ සහය ලබාගැනීමට ය. නැති නම් දුෂ්කරතා ඉවසාගෙන එම ස්ථානයන්ට ළගා වීමට ය). ඔහු මෙන්ම තවත් බොහෝ චලනාබාධිත පුද්ගලයන් ප්‍රකාෂ කර සිටියේ ඇතැම් අවස්ථාවන්හී දී ඔවුනට බඩගාමින් එම ස්තානවලට යාමට සිදු වූ අවස්තා ජීවිතය තුළ බහුල ලෙස ඇති බවයි. එය අසන විටත් සංවේදී තත්ත්වයකි.
ප්‍රවාහන පහසුකම්
ප්‍රවාහන පහසුකම් පිළිබදව අවදානය යොමු කරන විට ද මීට වඩා වෙනස් තත්ත්වයක්, හිතකර පරිසරයක් දැකිය නොහැකි ය. අප අසා, දැක ඇති පරිදි සංවර්ධිත රටවල ආබාධිත පුද්ගලයන්ට තම නිවස තුළ මෙන්ම පොදු ඕනෑම ස්ථානයක සහ ප්‍රවාහන පහසුකම් නිසි තත්වයක් යටතේ නිර්මාණය කර ඇත. දුම්බ්‍රිය සහ බස් රථ ගත් කළ ඔවුනට ප්‍රවේශ විය හැකි පරිදි නිර්මාණය වී ඇත. ඔවුන්ට එම තත්ත්වය තුළ කිසිදු බාධාවකින් තොරව යාම්/ඊම් කටයුතු කරගත හැකි ය. නමුත් අප රට තුළ පොදු ප්‍රවාහන පද්දතිය ගත් කළ ආබාධිත ප්‍රජාවට කිසිසේත් සුරක්ෂිත නැත. පහසු නැත. විශේෂයෙන් චලනාබාධිත පුද්ගලයන්ට ප්‍රවාහන පද්දතිය භාවිත කරන්නේ නම් ඉතා අපහසුතාවන්ට පත් වන බව අත්විදින සත්‍යතාවයි. ඇතැම් විට ඔවුනගේ අබාධිත බව මුල් කරගෙන ඔවුන් බස් රථවලට නන්වා නොගන්නා බව ඔවුන් කියා සිටති.. ටිකිරි කුමාර මහතා තවදුරටත් කියා සිටියේ මසකට වරක් ඔහු සිය ගම්පලාත වන බිබිල ප්‍රදේශයට බස් රථයෙන් යන ගමන ඉතා දුශ්කර බවය. ඔවුනට පහසු ලෙස ප්‍රවාහන පද්ධතිය නිර්මාණය වී තිබුනා නම් එවන් දුශ්කරතාවක් ඇති නොවනු ඇත.
නීතිමය පසුබිම
මේ ආකාරයෙන් පවතින වටපිටාවක් තුළ මූලික අයිතීන් සහ මානව අයිතීන් යටතේ නීතිමය අන පනත් කිහිපයක් යටතේ නීතිමය වටපිටාව නිර්මාණය කරගත් ආකාරය පිළිබඳව අප අවධානය යොමු කර බැලිය යුතු ය. මන්ද මේ තත්ත්වය තුළ පැහැදිලිවන්නේ ඔවුනට මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව නොවේද? ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුළ 12 වන පරිච්චේදයේ අන්තර්ගත (වෙනස් කොට හෝ විහේෂ කොට සැලකීම) යන්න මෙහිදී බිඳී ඇත. ඒ වගේම (14 ඌ)යාමේ/ඊමේ සහ නිදහසේ සංචරණය යන අයිතිය ද කඩ වී ඇත.
1996 අංක 28 දරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද විශේෂ පනත යටතේ අයිතිවාසිකම් 3ක් වෙන් කර හදුනාගත හැකි. ප්‍රවේශ පහසුක්ම ද ඉන් එකකි. 2006 වර්ශයේ දී සමාජ සේවා විශයබාර ඇමති ලෙස කටයුතු කළ ජගත් පුශ්පකුමාර මහතා නව චක්‍රලේකණයක් ඉදිරිපත් කළ අතර (14 67) අංකය යටතේ එහි සඳහන්වුයේ ( ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි සහ සේවා සපයන ආයතන සඳහා ප්‍රවේශ පහසුකම් සැකසිය යුතු ය. එම ආයතන මොනවාද යන්න සහ රජයේ හෝ පෞද්ගලික ආයතන සියල්ල ඊට අයත් විය යුතු බව සදහන්ව ඇත. දැනට පවතින ස්ථානවලට ප්‍රවේශ පහසුකම් නිර්මාණය සදහා වසර 5ක කාලයක් ලබා දුන් අතර එය සිදු නොවුනු බැවින් තවත් වසර 3ක් ද ලබාදි ඇත. ඒ අනුව එම කාලය තුළ කිසිවක් දණාත්මක ලෙස වෙනස් නොවුනු බැවින් 2009 වර්ශයේ දී ආචාර්ය අජිත් පී පෙරේරා මහතා ශ්‍රේස්ත්‍ර අධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළීබඳව නඩුවක් දමනලදි. එම නඩුවට තීන්දුව ලබා දෙමින් ගරු අධිකරණය ප්‍රකාෂ කර සිටින්නේ පොදු ස්ථානයන්හී ආබාධිත පුද්ගලගයන්ට ප්‍රවේශ පහසුකම් නිර්මාණය කළ යුතු ලෙස ය. නමුත් ඊට නිසි ආකාරයෙන් වගකිව යුතු එක් ආයතනයක් හෝ නම් කර නොතිබීම ගැටලුවක් විය. අඩුපාඩුවක් විය.
නමුත් මෙය නීති ප්‍රකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යලිත් වරක් අජිත් පෙරේරා මහතා මූලික අයිතිවාසිකම් කඩ වීම යටතේ නඩුවක් ගොණු කරන අතර එහි වගඋත්තර කරුවන් ලෙස නීතිපති, සමාජ සේවා දෙපාර්තුමේන්තුව, ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වූ ජාතික සභාව ඇතුලු රජයේ අමාත්‍යංශ සහ ආයතන රැසක් නම් කරන ලදි. එම නඩුවට තීන්දුව ලබාදුන්නෙ 2018 වර්ශයේ අප්‍රේල් මසදී ය. ඒ අනුව යලිත් මෙවන් නඩුවක් ගොණු කිරීමට සිදුඋවහොත් ඊට පහළ අධිකරණයකට යා හැකි බව සඳහන් කරන ලද අතර මෙහි යාමේ/ඊම් අයිතිය, නිදහසේ සංචරණය පිළිබඳව දීර්ග විස්තරයක් කර ඇත. ප්‍රවේශ පහසුකම් සැකසීම අනිවාර්ය කරමින් නඩු තීන්දුව ලබාදී ඇත.
2003 වර්ශයේ ප්‍රකාෂ කරන ලද ආබාධීත පුද්ගලයන් සම්බන්ධයෙන් වු ජාතික ප්‍රතිපත්තියේ අයිතීන් 21 ක් පිළීබඳව සඳහන්ව ඇති අතර ප්‍රවේශ පහසුකම් සම්බන්ධයෙන් මෙහි 12 පරිච්ඡේදය වෙන් කර ඇත. එහි විශාල ඉඩක් සහ පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් සිදු කර ඇත. මෙහි සඳහන්ව ඇති පරිදි සියලු ආබාධිත පුද්ගලයන් අතරින් 73%ක් බස් රථ භාවිත කර ඇති අතර 45% දුම්බ්‍රිය භාවිත කළ බව වාර්ථා කර ඇත. එසේම 83% වැඩි දෙනෙක් කියා ඇත්තේ කුලී රථ තම ගමන්බිමන් වලට භාවිත කිරිමට සිදුවීම හේතුවෙන් මාසිකව වැඩි වියදමක් වැය වන බව ය. ඒ අනුව රටේ අද පවතින ආර්ථික අර්භුදය සමග මෙය තම ගමන් අඩු කිරීමක් හෝ ඊටත් වඩා වැඩි වියදමක් දැරීමට වීම යන තත්වය පැවතිය හැකි ය.
ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් වු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වර්ශයේ දී අත්සන් තබන අතර 2016 වර්ශයේ දී අපරාණුමත කරන ලදි. එහි ද ප්‍රවේශ පහසුකම් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සඳහන් කරන අතර ප්‍රධාන වශයෙන් ඊට අනුකූලව රටේ නීති පද්ධතිය වෙනස් විය යුතු බව සඳහන් වේ. ප්‍රවේශ පහසුකම් නිර්මාණය සහ වැඩි දියුණු කිරීම සහ ගුණාත්මක සහයක උපකරණ භාවිතය පිළිබඳව පවා මෙහි අන්තර්ගත වේ. වසර ගණනාවක් තුළ විවිධ හැකිායාවන් සහිත පුද්ගලයන්, වෙනත් අනාබාධිත සමාජ ක්‍රියාකරුවන් ඇතුළු පුද්ගලයන්ගේ ප්‍රයත්නය, කැප වීම තුළ නීතිමය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර ගත්තද ඒ කිසිවක් ප්‍රායෝගික තලයේ නැති බව පෙනී යන සත්‍යතාවයි. අනපනත්, නීති රෙඟුලාසි කඩදාසි සහ එහි පිටපත් අකුරු සහ වචනවලට පමණක් සීමා වී ඇත. එවන් පසුබිමක් තුළ චලනාබාධිත පුද්ගලයන් දැඩි දුශ්කර ජිවන රටාවක් ගත කරන බව විමර්ශනයේ දී පැහැදිලි විය. නීතිමය පසුබිම පිළිබඳව විග්‍රහය නීතීඥ සුපුන් මහතා ලබා දුන් අතර එතුමා ද ප්‍රකාෂ කර සිටියේ එම නීතිමය තත්වය මහපොලොවේ යථාර්ථයක් වනවා නම් මීට වඩා තත්වය ඉතාම සුභදායී බවයි. ඉහත කී නිතිමය රාමුව සහ ඔවුන් ආර්ථික අර්භුදය සමග සටන් වදින ආකාරය සහ සමාජ පසුබිම ඔවුනගේම අද්දැකීමෙන් සහ ඔවුන්ගේම වචනවලින් අපට මෙසේ සඳහන් කළ හැකි ය.
නිරෝශා ප්‍රියංති ඇයට වයස 21 දී සිදු වූ අනතුරකින් ආබාධිත තත්තවයට පත් කාන්තාවකි. ඇය තුළ බොහෝ හැකියාවන් තිබුනත්, ඇයට කිරීමට බොහෝ දෑ අවශ්‍යතා උවත් ඇයට ඒ සියලු දෑ සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින ප්‍රවාහන වියදම් අධික වීම සහ ප්‍ර වේශ පහසුකම් නොමැති වීම තුළ ය. (මට මේ විදිහට හිනා වෙලා ඉන්න ශක්තියක්වුනේ මගෙ පවුල. එයාලා නිසා තමයි අද මම මේ විදිහට හරි ඉන්නේ. මගෙ ගෙදර තිබුනේ ගොඩක් දුශ්කර පරිසරයක. කඳුමුදුණක තමයි නිවස තිබුනේ. නිතර මම අසනීප වීම සහ මගේ ගමන් පහසුව තකා අක්කා මට එයාගෙ ගෙදර නවතින්න පහසුකම් හදලා දුන්නා. මගෙ සියලු ගමන්බිමන්වලට මාත් එක්ක යන්න එන්නේ මගෙ මල්ලි. ඔහු නැති නම් මට ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. මහනුවර නගරයට යන්නත් යලි එන්න රු 2500ක මුදලක් වැය වෙනවා. ඇත්තටම ඒ මුදල ස්තිර ආදායමක් නැති මට සහ අද වෙනකොට පවතින ආර්ථික ගැටලුකාරී පරිසරය තුල මගේ පවුලට පවා අපහසුයි. මට ස්තිර ආදායමක් නෑ. ඒ නිසා මගෙ බේත්හේත්වලට උපකාර කරන්නේ විදේශීය කාන්තාවක්.)
ස්තිර ආදායමක්, රැකියාවක් තිබේ නම් ඕනෑම කෙනෙකුට එයත් මහත් මානසික ශක්තියක් නමුත් මෙසේ වීම ඔවුනගේ මානසික පීඩනයටත් හේතුවෙනවා.
We for right ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයේ නිර්මාතෘ නීශා ශරීෆ් අප හා මෙසේ තම අදහස් බෙදා ගන්නට එක් විය. මහනුවර දිස්ත්‍රික්කය තුළ පවතින පරිසරය සමග චලනාබාධිත පුද්ගලයන්ට විශාල භාධා රැසක් පවතින අතර ස්වභාවිකවම පවතින කඳු බෑවුම් වගේම නිතර වැසි ඇදහැලීම තුළ ඔවුනට පහසු පරිසරයක් නොතිබුණු විට ඔවුන් වගේම පවුලේ සෙසු සාමාජිකයන් පවා දැඩි අපහසුතාවට ලක්වේ. (රජය වගේම වෙනත් රාජ්‍ය නොවන ආයතනවලින් මහනුවර දිස්ත්‍රික්කය පිළිබඳව විශාල අවධානයක් සහ තත්වය අවබෝධ කරගැනීම ක්දක්නට ලැබෙන්නේ නෑ. බොහො දෙනා සිතන්නේ මහනුවර රටේ දෙවන අග නඟරය වශයෙන් මහනුවර නගරයට සියලු පහසුකම් පවතින බවයි. නමුත් යථාර්තය එය නොවේ, ඉතා දුශ්කර පරිසරයක් තුළ කටුක ජීවිතයක් ගත කරන බව මේ අවට සිටින ආබාධිත පුද්ගලයන් සමග කතාබහ කළහොත් වැටෙහෙණු නිසකය. අද වෙනකොට මහනුවර නගරයේ පොදු ස්තානවල ආබාධිත පුද්ගලයන්ට නිසි ආකාර ප්‍රවේශ පහසුකම් නිර්මාණය වී ඇති බව දකින්න පුලුවන්. සියයට සියයක් නැතත්, පැවති තත්වයට වඩා යම්තාක් දුරකට සාදනීය තත්ත්ත්වයක් දක්නට ලැබීම සතුටක්.
මිනිසාට තම ජීවිතයේ තෘප්තිමත් විමට කොතරම් දේ තිබේද? එය අප රටේ පුද්ගලයාගේ ආර්ථික මට්ටම, සමාජ තත්ත්වය, යන කාරනා විශේෂයෙන් බලපෑමක් එල්ල කරන බව යථාර්ථයයි. සංවර්ධිත රටක් තුළ තත්ත්වය එය උවත් අපේ රට තුළ ආබාධිත ස්වභාවයත් ඉට එක් වන තවත් කාරණයක්.
චතුරංග මහනුවර යටිවාවල ප්‍ර දේශයේ ජීවත් වන රෝදපුටු භාවිත කරන පුද්ගලයෙක්. ඔහුට වයස 16 දී සිදු වූ අනතුරකින් ඔහු මෙම තත්ත්වයට පත්ව ඇත. දැනට ඔහු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලවි කිරීමේ වෙලඳපොළක් සහස්පුර උද්‍යානය තුළ පවත්වාගෙන යන අතර ඔහු ජීවත් වන ප්‍රදේශයේ සිට මහනුවරට පැමිනීමට දිනකට දහසක පමණ මුදලක් වැය වන බව ඔහු කියා සිටී. ඊට අමතරව බොහෝ කල් සිට ඔහුගේත් බොහෝ අත්‍යවශ්‍ය ගමන්බිමන් නැවතිමට සිදුවූ බව සත්‍යක්. සහස්-උද්‍යානය තුළ ඔහුට පහසු පරිසරයක් ඇති බව ඔහු කියා සිටියේ ඉතා සතුටින්. නිරීක්ෂණයෙන් ද අපට පෙනි ගියේ සහස්-උද්‍යානය චලනාබාධිත ඇතුළු ඕනෑම ආබාධිත අයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ඒ තුළ සිය කටයුතු පහසුවෙන් කර ගැනීමට නිර්මාණය වූ අපූරු ස්ථානයක් ලෙසයි. එය අගය කළ යුතු සහ මේ පිළිබඳව අවබෝදයක් නොමැති බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගත හැකි ස්ථානයක් බවයි. සත්‍ය වශයෙන්ම මෙවන් ස්ථාන වැඩි වන තරමට ඔවුනගේ ජීවිතය ද ප්‍රීතිමත් වන බව සැබෑවක්.
ඒ වගේම මේ ගමන තුළ අපට හමු වූ තවත් විශේෂ චරිතයක් ලෙස සිළුන විමලසිංහ හදුනාගත හැකි. ඔහු පසුගිය අ.පො.උ.පෙළ ප්‍රතිඵලත් සමග විශ්වවිද්‍යාල වරම් හිමි කර ගත්ත දක්ෂ සිසුවෙක්. ජීවිතයේ බොහෝ දුශ්කරතා මැද්දේ ඔහු මේ ආ මග ගැලපීම් නො ගැලපීම් හමුවේ වෙනස් කර ඇත්තේ පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන්. දැනටත් ඔහු විශ්වවිද්‍යාල ගමන පිළිබඳව තවත් වරක් සිතන්නේත් පවතින ආර්ථික අපහසුතා සහ ප්‍රවාහන වියදම් අදීක වීම හේතුවෙන්.
“මගේ පහසුව තකා මගෙ පවුල අය දැනට කුලී නිවාස රැසක් මාරු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රට අපිට පහසු ලෙස වෙනස් වනවා නම් අපිට මීට වඩා සැහැල්ලුවෙන් සහ සතුටින් ජීවත් වෙන්න තිබුනා. මගෙ අරමුණ වන්නේ ඉගෙණගෙන විදෙශ ගත විම. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. කිසිවෙකුටත් බරක් නොවී, ස්වාධීන ලෙස ජීවත් වීමට වෙනත් සංවර්ධිත රාජ්‍යන්වල පහසුකම් ඇති නිසා.)
නීශා මෙනවිය තවදුරටත් අප හා ප්‍රකාෂ කර සිටියේ (1996 පටන් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතී රෙඟුලාසි අදටත් වචනවලට සහ කඩදාසිවලට පමණක් සීමා වී ඇති බවයි. එම නිතිමය පසුබිම යථාර්ථයක් වුවා නම් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන චලනාබාධිත පුද්ගලයන් මීට වඩා සතුටින් ජීවත් වන අතර ඔවුන්ගේ කතාව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණු බව ඇය කියා සිටි.
සමාජ ක්‍රියාකාරිණියක, දක්ෂ ලේඛිකාවක වගේම විශේෂයෙන් අද්දැකීම් සම්බාරයක් හිමි වෛද්‍යවරියක් වන බොදිනී සමරතුංග මහත්මිය ප්‍රකාෂ කර සිටින්නේ (අපේ රටේ සාමාන්‍ය දෙයක් කරගන්න පුලුවන්පරිසරයක්වත් ආබාධිත පුද්ගලයෙක්ට නැ. අද ලෝකයේ සංවර්ධිත රටවල විහේෂ අවශශ්‍යතා සහිත පුද්ගලයන් ඉතාම සරල ජිවිතයක් ගත කරන බව මම අද්දැක ඇති සත්‍යතාවයි. ඔවුන් උවත් පවුල් ජිවියක් ගත කිරීම, රැකියාවක් කිරීම වගේම විනෝදචාරිකා යාම, සාප්පු සවාරි යාම පවා සිදු කරමින් ඉතා ප්‍රීතිමත් ජීවන රටාවක් ගත කරනවා මා දැක තිබෙනවා.)
ඇය තව දුරටත් ප්‍රකාෂ කර සිටියේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් උවත් පවතින සම්පත් නිසි ලෙස භාවිත කරනවා නම් අපේ රට මීට වඩා වෙනස් කරමින් ආබාධිත පුද්ගලයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර හැකි බවයි.
නායකයන්ගේ අදහස් සහ ඉල්ලීම්
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුනෙහි උප සභාපති ටිකිරි කුමාර මහතා ප්‍රකාෂ කර සිටින්නේ (උපතින් ආබාධිත වූ අයෙක් නම් චලනාබාධ සහ රෝද පුටු භාවිත කරන්නෝ විවිධාකාර වූ අබියෝගයන්ට මුහුණ දෙන බවයි. පෙරපාසැල් ගමන සම්පූර්ණයෙන් අඩපන විය හැකි අතර පාසැල් ගමන උවත් අහිමි වීමට හෝ ප්‍රතික්සේප කිරීම් හමුවේ යන ගමන ගමනක් විය හැකි. අබියෝගතා මැද්දේ විශ්වවිද්‍යාල වරම් ලැබුවත් එයින් ද ගැටලුව කෙලවරවන්නේ නැ. සමහරක් විට දුශ්කරතාව තවදුරටත් වැඩිවෙන්න පුලුවන්. වෘතීය අද්‍යාපනය, සාමාන්‍ය පුද්ගල ජීවිතය පවා මේ ප්‍රවාහන දුශ්කරතා සහ ප්‍රවේශ දුශ්කරතා නිසා අහිමිවන්න පුලුවන්. ඒ නිසා බලදාරීන් අදාල ආබාධිත ප්‍රජාවත් සමග එක්ව ක්‍රියාමාර්ග ගැනීම සහ ඉදිරි පියවර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම නීතිමය පසුබිම කඩදාසිවලට පමණක් සීමා නොකර යථාර්ථයක් කරනවා නම් මේ ගැටලුව හරි අඩකටත් වඩා නිමවනු ඇති.)
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුනෙහි සබාපති රසාංජලී මහත්මියත් මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරන්නට විය. (ආබාධිත පුද්ගලයන් සමග සමීපව ගනුදෙණු කරන්නේ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන්. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීමේ වැඩමුළු කිරීමට අවකාෂය නිර්මාණය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය දැනට එකඟ වී තිබෙනවා. එය දනාත්මක පසුබිමක්.) ඒ වගේම මොවුන් දෙදෙනාම ප්‍රකාෂ කර සිටියේ. ( දුම්බ්‍රිය පද්දතිය තුළ විශාල වෙනස්කම් රැසක් කරගැනීමට වසර ගනණාවක අපේ සටනට, කතාබහට අද වෙනකොට හැකි වී තිබෙනවා. පසුගිය වර්ශයේ අගෝස්තු මස දුම්බ්‍රිය දෙපාර්තමේන්තුවේ විවිධ නිලදාරින් හා කරන ලද සාකච්චා තුළදී ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සංනිවේදන ප්‍රවේශය සඳහා ඩිජිටල් පොවරු සැකසිමට සහ විශේෂයෙන් දුම්බ්‍රිය කාලසටහන සහ අනිකුත් දැනුවත් කිරීම් සම්බන්ධව මොබයිල් ඇප් එකක් නිර්මාණ්‍ය කර ඇති බව ඔවුන් ප්‍රකාෂ කර සිටියා. ඒ වගේම අපගේ යෝජනාවවුයේ කොටුව දුම්බ්‍රිය ස්ථානයේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් සන්නිවේදන කුටියක් නිර්මාණය කර ඔවුනට සහය ලබාදීම. උදාහරණයක් විදිහට-කොටුව දුම්බ්‍රිය ස්ථානයෙන් මහනුවරට යන යම් ආබාධ සහිත පුද්ගලයෙක් පැමිණි විට ඔහුට අවශ්‍ය සහය ලබාදී ඔහුගේ ගමන් වාරය අවසන් වන දුම්බ්‍රිය සථානය වන මහනුවර දුම්බ්‍රිය ස්ථානයට දැනුම් දෙනවා මෙම දුම්බ්‍රිය මෙම මැදිරියේ මෙවන් ආබාධ සහිත පුද්ගලයෙක් පඅමිනෙණ බව. එවිට එයින් ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දී සහය විමට හැකිවෙනවා.) එය ඉතාම කඳිම යෝජනාවක් බැලූබැල්මටම පැහැදිලි වන අතර ප්‍රයෝගික තලයේ තැබිය හැකි යෝජනාවකි. ඒ වගේම පවතින ආර්ථික පසුබිම අනුව අඩුම වියදකින් ගත හැකි ක්‍රියාමාර්ගයකි. ඒ වගේම 2023 වර්ශයේ ආබධිත දිනය වෙනුවෙන් කොළඹ සිට මහනුවර දක්වා යන නගරාන්තර දුම්බ්‍රියේ ආබාධිත පුද්ගලයන්ට විශේෂ ගමන් වාරයක් ලබාදුන් අතර එහි දී ඔවුනට එහි දී ලබාගත හැකි ප්‍රවේශ පහසුකම් ද නිරීක්ෂණයට ලක්ව ඇත. මැදිරි තුළ අවශ්‍ය පහසුකම් නිර්මානය කර තිබුණත් දුම්බ්‍රියට ඇතුලු වීමේ ගැටලුව ගැටලුවක්ම විය. ඔවුන් විසින් ඊට ආධාරකයක් නිර්මාණය කර තිබුනත්, එය බර වැඩි හෙයින් බර අඩු කරමින් ප්‍රතිනිර්මාණය කිරීමට ද ඔවුන් එකඟ වී ඇත.
නීශා මෙනවිය ප්‍රකාෂ කර සිටියේ ගොඩනැලි සාදන විටම අදාල ප්‍රවේශ පහසුකම් නිර්මාණය කරනවා නම් නිලදාරීන්ට ඔවුනට එය යලි සිහිපත් කිරීමට අවශ්‍ය නොවන බවයි. නවගොඩනැගිලිවල ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් එහි මූලික අධියරේදිම නිර්මාණය නොකළහොත් අනවශ්‍ය පිරිවැයක් දැරීමට හෝ නිර්මාණය නොකිරීමට පවා හැකි වීමට පුලුවන් බව ද ඇය සඳහන් කළ සිටියා ය.
අවසන් වශයෙන් රසාංජලී මහත්මිය මෙසේ ප්‍රකාෂ කරන්නට විය.
(මම දැනට රටවල් ගනනාවක ගිහින් අද්දැකීම් ලබපු කෙනෙක්. ඒ අද්දැකීම් අනුව කතාකලොත් චලනාබාධිත පුද්ගලයන්ට රෝදපුටු බාවිධ කරන්නන්ට ප්‍රවාහනය නිසි ආකාරව නිර්මාණය කරනවා නම් ඔවුනට ස්වාදීනව නැගී සිටින්න ඉන් ජවයක් ලැබෙනවා. එය ඔවුන්ගේ ජීවිතයට ඉතාම වටින දෙයක්. ඇය අද වන විට ලෝකයේ රාජ්‍යන් ගනණාවක් තුළ සංචාරය කර තිබෙනවා. අද්දැකීම් අනුව ජපානය තුළ ආබාධිත පුද්ගලයන්ට ඉතා හොඳ පරිසරයක් පවතින බව ඇයගේ අදහසයි. එවන් රාජ්‍යන්හී ආදර්ශ ගෙන සහය ලබාගෙන අප රට තුළත් ප්‍රවාහන අංශය හා ප්‍රවේශ පහසුකම් ආබාදිත පුද්ගලයන්ට හිතකර ලෙස සංවර්ධනය කළ හැකි නම් පවතින මේ තත්වය මීට වඩා සතුටුදායක කරගැනීමට හැකිවනු ඇත. ආබාධිත පුද්ගලයන්ට රටක් තුළ සමානාත්මතාව දැනවිය හැකි ප්‍රධාන එක් අවස්ථාවක් ද වන මෙය පිළිබඳ ව අදාල බලදාරීන්ගේ අවධානය යොමු වේවායි විශ්වාස කරමු.