ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක හිමි අක්කපත්‍ර ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන් නදීක දයා බණ්ඩාර
ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ අභිනව අනුනායක පදවිප්‍රාප්ත රාජකීය පණ්ඩිත සදගිරි තපෝවන පිරිවෙන් කෘත්‍යාධිකාරී පුජ්‍ය අංකුඹුරේ පේමවංස ස්වාමීන්වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී ඊයේ (18) අක්කපත්‍ර ප්‍රදානය සිදුකෙරිණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාමඤ්ඥ මහා නිකායේ අනුනායක අතිපුජ්‍ය අංකුඹුරේ පේමවංස හිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වීම සිදුකෙරුණු අතර විජිනිපත පිළිගන්වන ලද්දේ හිටපු කතානායක ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායාරක්ෂක සභාවේ සභාපති කරු ජයසුරිය මහතා විසිනි.
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ මහානායක ශාසත්‍රපති මකුලෑවේ විමල මහා හිමියන් හා මල්වතු ,අස්ගිරි, අමරපුර යන නිකායන් වල අනුනායකහිමිවරුන් ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.