වතුකරේ ජනතාව අරක්කු වලට වහල් නොවි බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කිරිමට දැනුවත් කරනවා . නියුමන් පිරිස් පියතුමා පවසයිි -චන්දන ජයවීර
ඉදිරි ජනාධිපතිවරණයේ දි වඩාත් බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරමින් රටට ගැලපෙන නායකයා පත්කර ගැනීමට කටයුතු කරන ලෙස කදුකරයේ ජනතාව දැනුවත් කරමින් සිටින බව මහනුවර කරිටාස් සෙටික් ආයතනයේ අධ්යක්ෂ නියුමන් පිරිස් පියතුමා පවසයී .
හැටන් ප්‍රදේශයේ සෙටික් ආයතන පරිශ්‍රයේ පැවති මාධ්‍යය සාකච්චාවක් අමතමින්ය.
එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් නියුමන් පිරිස් පියතුමා පැවසුවේ කදුකරයේ ජනතාව අවුරුදු 200 ක් පමණ ඉතාම දුෂ්කර ජීවිතයක් ගෙවමින් සිටින බවත් ,ඊට හේතුවන කරුණු ගනනාවක් තිබෙන අතර ඒ අතරින් ප්‍රධානම කරුණ වනුයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට වැටුපක් නොලැබීමය.මෙරට ආර්ථිකය මධ්‍යම පලාතේ ජීවත් වන ඔවුන්ට සරිලට වැටුපක් ගෙවන්නෑ.මේ පිළිබදව මේ රටේ දේශපාලනය කරන අය තේරුම් අරගෙන මේ රටේ අනිත් ජනතාවට වගේම ජීවත් වෙන්නට අවස්ථාව සලසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඒ වගේම මේ ඡන්දය පවතින කාලය තුල දැනුවත් කිරිමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කරනවා තමන්ගේ ඡන්දය හරියාකාරව පාවිච්චි කරමින් රටට වැඩදායක පුද්ගලයන් තෝරන්නට ,
ඒ වගේම පක්ෂයක් පිළිබදව විශෙෂයන් සදහන් නොකරන බවත් තම කැමැත්ත අනුව තෝරාබේරාගෙන අපේ රට ගොඩ නංවන්න පුළුවන් නායකත්වයට සහයෝගය දෙන්න කියලා අපි දැනුවත් කරනවා .
ඒ වගේම ඡන්ද දිනයට පෙර දිනයේ මත්පැන් ආදිය බෙදා දෙමින් කදුකරයේ ඡන්දය ලබා ගැනීම සම්බන්ධයෙන් මිට පෙර වාර්තා වී තිබෙන නිසා ජනතාව එවන් දේ තුලින් වලකා ගැනිමට කිසියම් ක්‍රමයක් ක්‍රියාත්මක කරනවාද යන්න විමසු විට පැවසුවේ .
එය කදුකරයේ පමණක් නෙවෙයී ගම්මානතුලත් බොහෝ ප්‍රදේශ වල සිදුවන බවත් කදුකරයේ වතු ආශ්රිත ජනතාව නම්මවා ගැනීමට ඇති හැකියාව නිසා මෙම ප්‍රදේශ ස්මතුවී පෙනෙන බවත්ය .එය එක්වරම ඔවුනට නවතාලිය හැකි දෙයක් නොවන බවත් පැවසීය .
එම අවස්ථාවේ දී දික්ඔය බෞද්ධ මධ්‍යස්ථානයේ සංඝයාවහන්සේ හා එම ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමා එම්.එම් හසිම් මව්ලවි තුමා ,සෙන්ගන් දේවදාසන් පියතුමාද අදහස් දැක්වුහ .
ඔවුන්ගේ අදහස් දැක්වීම තුල කදුකරයේ වතු ආශ්රිත ජනතාවට තිබෙන එකම ගැටළු වැටුප් ප්රශ්නය නොවන බවත් නිවාස හා ඉඩම් ගැටළු ඒ අතර විශේෂ බවත් පුද්ගලික වැසිකිළියක් ඉදිකර ගැනීමටත් වතු පාලන අධිකාරියෙන් අවසර ගැනීමට සිදුවී ඇති බවත් එමෙන්ම අධ්‍යාපනය ය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ද ගැටළු ගෙවිගිය වසර දෙසීය පුරාවටම පවතින බවත් අවධාරණය කලහ.
මෙම මාධ්‍යය සාකච්ඡාවට පෙර කදුකරයේ පසුගිය වසර දෙසිය තුල මියගිය ජනතාවගේ ආත්මයන්ට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ඉටිපහන් දැල්වු අතර පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් එම ජනතාවගේ ජීවිකාව ස්මතු වන නාට්‍යක් රගදැක්වීමද සිදුකරන ලදී.