ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා : ‘රට පුරා රාජ්‍ය දේපල අවභාවිතා කිරීම පිළිබඳව සීරුවෙන්’ — ‍ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

 

 
සැප්තැම්බර් මස 21වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මීලග ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය කාලසීමාවේදී මැතිවරණය ඉල්ලක්කර ගනිමින් රටපුරා සිදුවන රාජ්‍ය දේපල අවභාවිතා කිරීම නිරීක්‍ෂණය කිරීමට සහ එය වළක්වාලීමට පියවර ගනිමින් මෙවරත් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ ආයාතනය මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු ආරම්භකර ඇත.  
 
එළැඹෙන ජනාධීපතිවරණ, මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සම්බන්ධව කොළඹ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නිල ක්‍රියාකාරීත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ටී එස් එල් කාර්යාලයේදී පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළේය. 
 
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා නීතිඥ නදීෂානි පෙරේරා ,ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක නීතිඥ තුෂානි කන්දිල්පාන සහ ජේ්‍යශ්ඨ වැඩසහටන් කළමණාකරු ගෞරිස්වරන් කීරූපරාජා මාධ්‍ය හමුව ආමන්ත්‍රණය කරමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් ඔස්සේ නිරික්‍ෂණ ක්‍රියාවලිය පැහැදිළි කළහ.
 
වසර 20ක් පුරා ශ්‍රී ලංකාව තුළ සිදුවන අල්ලස් දූෂණ අවම කිරීමේ යාන්ත්‍රණයක් වශයෙන් නිත්‍ය වශයෙන් නිල කටයුතු සිදුකරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයාතන, විශේෂයෙන් මැතිවරණ සමයේදී රාජ්‍ය දේපල අවභාවිතා කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් නිරීක්‍ෂණ කටයුතුවල නිරත වෙයි.
 
“මැතිවරණය අරමුණුකර ගෙන රට තුළ සිදුවන ඕනෑම ආකාරයක රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් ඔීනෑම වේලාවකදි හඳුන්වාදී ඇති “අපේ සල්ලි” වෙබ් අඩවිය  (Apesalli.lk) හරහා හෝ 076 322 344 2 යන හොට්ලයින් දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කරන්නට අවස්ථාව සළසා දී තිබෙනවා.” යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයාතනයේ ජාතික සම්බන්ධීකාරක නීතිඥ තුෂානි කන්දිල්පාන මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

“ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ අනන්‍යතාවය ඇතිව හෝ නැතිව, මැතිවරණය මූළික කරගෙන තමන් නිරීක්‍ෂණය කරන ඕනෑම ආකාරයක රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් පිළිබඳව පැමිණිලි කරන්නට හැකියාව තිබෙනවා. හැබැයි ඒ පැමිණිල්ල අවභාවිතාවක් බවට සනාථ කළ හැකි සාක්‍ෂි සමග පැමිණිලි කළ යුතුයි.” යැයි ඇය පැහැදිළි කළේය.

 
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ජනාධිපතිවරණය ආවරණය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සහ මැතිවරණ කොට්ඨාශ මට්ටමින් TISL නිරීක්ෂකයින් 200ක් පමණ රට පුරා යොදවා ඇති අතර සාර්ථක නිරීක්ෂණයක් අපේක්ෂා කරන බව නීතීඥ තුෂානි පැවසුවේය. 
 
එසේ තිබියදී ද, මේ වන විට TISL නිරීක්‍ෂණ මෙහෙයුම වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති අතර, ඉන් බහුතරය රාජ්‍ය දේපල අවභාවිතාවේ යෙදීම් සම්බන්ධයෙන් පැමිණිලි යැයි කීවේය.
 
2024 ජූලී මස 26 වෙනි දා මැතිවරණ කොමිසන් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් මගින් මැතිවරණය ප්‍රකාශයට පත්කරනු ලැබිණි.
 
ජුලි 26 සිට සැප්තෑම්බර් 21, මැතිවරණය පැවැත්‍ ව‍ෙන දිනය දක්වා මැතිවරණ කාලය තුළ මෙම ව්‍යාපෘති කිසිවක්  ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ව‍ෙි. 

නීතිමය තත්ත්වය වඩාත් පැහැදිළි කරමින් රජයට, රාජ්‍ය සංස්ථාවලට, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපල මැතිවරණ කාලසීමාව තුළ අනිසි විධියට භාවිතා කිරීම වැළැක්වීමත් නිළධාරීන් සේවකයින් බඳවා ගැනීම උසස් කිරීම හා මාරුකිරීම යනාදිය සීමාකිරීමට අදාළ ප්‍රතිපාදනයන් පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය, සංස්ථා සහ මණ්ඩලවල උසස් නිළධාරීන් දැනුවත් කිරීමක් සිදුකර ඇත.
 
TISL නිරීක්‍ෂණය යටතේ මානව සම්පත් වශයෙන් රාජ්‍ය නිළධාරීන් , සේවකයින් ඔවුන්ගේ දැනුම , හැකියාව , කාලය ද භෞතික සම්පත් යටතේ රජය සතු ගොඩනැගිලි , වාහන යනාදිය ද රාජ්‍ය මුදල් , ප්‍රතිපාදන යනාදිය ද රාජ්‍ය දේපල ලෙසට අවභාවිතා වන්නේ ද යන්න නිරීක්‍ෂණය කරනු ලබන බව නීතීඥ තුෂානි පැවසුවේය.
 
Mojo නිවුස් TISL හි දිස්ත්‍රික් නිරීක්ෂකයින් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී,  මාර්ග සංවර්ධන සහ සනීපාරක්ෂක සංවර්ධන ව්‍යාපෘති, ගෘහ උපකරණ, ආහාර මලු, මුලුතැන්‍ග‍ෙයි උපකරණ, ‍ග‍ොවි උපකරණ බෙදාදීමේ ව්‍යාපෘති වැඩි වශ‍ෙන් ක්‍රියාත්මක වී ඇති බව නිරික්‍ෂණය කළ බව ඔවුන් කියා සිටියේය.
 
2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, ඡන්දදායකයින් වසර 05 ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා ගනු ඇත. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යළි මැතිවරණයට ඉදිරිපත් වෙයි. මෙමගින් 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු නැවත මැතිවරණයකට ඉදිරිපත් වන පළමු වත්මන් ජනාධිපතිවරයා ඔහු වනු ඇත. අනෙකුත් අපේක්ෂකයින් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ NPP නායක අනුර කුමාර දිසානායකද ඇතුළත් වේ.
 
“පක්‍ෂයක හෝ අපේක්‍ෂකකෙුගේ ප්‍රවර්ධනය සඳහා යොදාගනු ලබන්නේ මහජනතාවගේ සම්පත් බැවින් මෙම මැතිවරණ කාලසීමාවේදි තමන්ගේ සම්පත් යෙදවෙන්නේ අපේක්‍ෂකයෙකුගේ ප්‍රවර්ධනයට ද අගතියට ද යන්න පිළිබඳව මහත් විමසිල්ලෙන් සිට අප වෙත පැමිණිලි කරන්න කියා මෙරට පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සෑම පුරවැසියෙකුම මැතිවරණ නිරීක්‍ෂකයෙකු වශයෙන් ක්‍රියාකරන්න කියා ඉල්ලා සිටිනවා.” යැයි නීතිඳ තුෂානි ප්‍රකාශ කළේය.
  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed