ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගනී – නදීක දයා බණ්ඩාර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ අද (15) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.
අනතුරුව ඒ මහතා විශේෂ අමුතන්ගේ කුටියේදී සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් රැසක් එක්විය.
අනතුරුව ජනාධිපතිවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.