ඇසළ පෙරහැරට සමගාමීව මහනුවර නගරයේ වීදි ආලෝක කිරීමේ නව වැඩසටහනක්. – නදීක දයා බණ්ඩාර
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව මහනුවර නගරයේ අදුරු ස්ථාන ආලෝකමත් කිරීමේ නව වැඩසහටනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට මේ වන විට ක්‍රියාත්මක වේ.
එහි පළමු අදියර යටතේ මහනුවර වැව රවුම් මාර්ගය ආලෝකමත් කිරිම ආරම්භ කොට ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී නගරයේ වීදි ආලෝක කිරීම සිදුවේ.
උද්‍යානයක අයුරින් වැව රවුම් මාර්ගය අලෝකමත් කොට ඇති අතර මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන ප්‍රධාන පාලම් සතර, උමං මාර්ග ආදි සියලු ස්ථාන අලෝකමත් කිරීම මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, අවියානා හෝටල් ව්‍යාපෘතිය යන ආයතනවල දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
ආයෝජන ප්‍රවාර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය විවෘත වූ අතර මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.