විදුහල්පතිවරයෙක් දරුවකුගේ මවකට අපහාසාත්මක ව පරුෂ වචනයෙන් බැන වැදුන බවට චෝදනා. -හැටන් වාර්තාකරු
හැටන් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයෙක් පාසලට දරුවකු එවන මවකට අපහාසාත්මකව පරුෂවචනයෙන් බැණ වැදුන බවට මවක් චෝදනා කරන්නීය.
හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ පිහිටි ජනප්‍රිය මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන සිය දරුවාව පැයකට වැඩි කාලයක් විදුහල්පති කාර්යාලයේ සිටුවා තැබු බව හා බැනවැදුණ බවට දරුවා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසිම් කල අවස්ථාවේ මෙසේ පරිබව කල බව පවසන ඇය එම දුරකථන සංවාදයේ හඩ පටය හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ වරයාටත් ,මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාටත් යොමු කරමින් පැමිණිලි කල බව පවසයී
වසර සියයකට වැඩි කිර්තිමත් ඉතිහාසයක් තිබෙන එම පාසල තුල දරුවන් අතර පවතින ගැටළු විදුහල්පතිවරයා ඇතුළු කළමණාකරණ මණ්ඩලය හෝ විනය කමිටු මැදිහත් වී නිරාකරණය නොකිරීම නිසා දරුවන් පිහි ඇණුම් සිදුකර ගනිමින් තුවාල සිදුකර ගැනීම මෙන්ම ,ඇතැම් අවස්ථා වල සිසු පිරිස් විසින් එක් දරුවෙකුට පහර දීම වැනි හේතු නිසා දින ගනනාවක් ඇතැම් සිසුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අවස්ථා මෙන්ම එවන් තත්ත්වයන්ට නිතිමය පිළිසරණ පතමින් දෙමාපියන් හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිලි කිරිම් හා හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයේ ණඩු කටයුතු ලෙස විභාග වෙමින් පවති .
ඉකුත් වසර තුනක පමණ කාලය තුල හැටන් නගරයේ පිහිටි මෙම සිංහල මාධ්‍ය මිශ්‍ර පාසලේ එම තත්ත්වය ඉහල ගොස් ඇති බව පෙන්වාදෙන දෙමාපියන් එම පාසලේ අධ්‍යාපන ප්‍රතිඵල මට්ටමද සැලකිය යුතු ලෙස පහල වැටි ඇති බව පෙන්වා දෙන අතර එය හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා තොරතු දැනගැනිමේ පනතට ප්‍රකාරව තරවුරු කර තිබේ.
පාසල තුල විවිධාකාර මත්ද්‍රව්‍ය භාවිතය ප්රකටව සිදුකෙරෙන බව ද පැවසෙන අතර ඇතැම් දරුවන් පාසල තුල බුලත් විට සැපීම ,දුම්කුඩු හා විවිධ මත්පෙති වර්ග වැනි තහනම් විෂද්‍රව්‍ය භාවිය සිදු කරන බව පැවසෙන මුත් විදුහල්පතිවරයා ඒ සම්බන්යෙන් කිසිදු පියවරක් පාසල තුල නොගන්නා බවත් පොලිසියට දැනුවත් නොකරන්නේ පාසලට අපකිර්තියක් ඇතිවන බව පවසමින් යයිද දෙමාපියන් පවසති .එම තත්ත්වය නිසා නිසි දැනුවත් කමක් නැති දරුවන්ගේ අනාගතය විනාශවීමේ සෝචනීය තත්ත්වයක් වර්ධනය වෙමින් තිබේ.
දරුවන් අතර ඇතිවන සුළු ගැටළුවකදී පවා විදුහල්පතිවරයා දැනුවත් කරන අවස්ථාව පොලිසි යන ලෙස උපදෙස් දෙන බවත් මව්පියන් පවසති. එසේම බොහෝ අවස්ථාවල වරදක් කල දරුවන්ට කරුණු පහදා දී නිසිමගට ගන්නවා වෙනුවට දරුවන් පාසලෙන් ඉවත් කීමට කටයුතු කරන බවත් වෙනත් පාසලකට දරුවා ඇතුළත් කල හැකි පරිදි කරුණු ඇතුලත් සහතිකයක් ලබා දෙන්නට නම් කැමැත්තෙන් අස්කර ගන්නා බවට ලිපියක් ලබා දෙන ලෙසට විදුහල්පතිවරයා බලපෑම් කරන බවද දෙමාපියන් පවසති.
ඉහත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෙමාපියන් පංති රැස්වීමකදී වත් කතා නොකරන්නේ පසුව පාසලේ දී දරුවන්ට හිරිහැර කිරිම නිසා බවද ඔවුහු අවධාරණය කරනු ලැබේ.
ඉහත තත්ත්වය ඇතිවීමට හේතු වී තිබුනේද එම පාසලේම සිසුන් පිරිසක් විසින් පෙර කී දරුවාට පහරදීමක් සම්බන්ධයෙන් දරුවා රෝහල්ගත කිරිම හා දෙමාපියන් පොලිසියට පැමිණිලි කිරිම නිසා පාසලට අපකිර්තයක් ඇතිවු බව පවසමින් යැයී එම මව පෙන්වා දෙනු ලැබේ .පාසල තුලදී දරුවන් අතර මතුවන ගැටලු ගැටුම් බවට පත්වන්නට ඉඩ නොදි විසදුමක් නොකර ගැටුම්කාරි තත්ත්වයක් ඇති වු විට පාසල් කලමණාකරණය ම පොලිසිය වෙත ගොස් විසදා ගන්නා ලෙසට උපදෙස් දෙන බව දෙමාපියන් පවසති.
අධ්‍යාපන ලැබීම දරුවාගේ මුලික අයිතියක් හා අවශ්‍යතාවක් ව තිබියදී පාසල පරිපාලනය කර ගැනීමේ නොහැකියාව නිසා දරුවන් පාසලෙන් ඉවත් කිරිම කොයිතරම් නිත්‍යානුකූල දැයි විමසන දෙමාපියන් ඉහත අසාධාරණයන් සම්බන්ධයෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්යක්ෂ,පලාත් ලේකම් හෝ ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් සාධාරණයක් ඉටුකර දෙන මෙන් අයැද සිටිති.