මහනුවර වැවේ දූපත තුළ රැක් රෝපණය කිරීමේ නව වැඩසටහනක්. නදීක දයා බණ්ඩාර
මහනුවර වැව මධ්‍යයේ පිහිටි ජයතිලක මණඩපය නම් දූපත තුළ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කෙරිණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ මහනුවර මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන දියත් කළ අතර දූපතට උචිත පරිදි තාල වර්ගයේ ගස් සිටුවීම මේ යටතේ සිදුවිය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උපදෙස් මත දේවේන්ද්‍ර මූලාචාර්යතුමා විසින් වර්ෂ 1807දී ශ්‍රී දළදා මාලිගාවට නුදුරුව මෙම වැව සහ දූපත ඉදි කොට තිබේ.
මහනුවර නාථ දේවාලයට අයත් ටිගොල්වෙල වෙල්යාය පැවැති ස්ථානයේ මෙම වැව ඉදිකොට ඇති අතර උඩවත්ත කැලය හා හීල්පැන්කඳුර නම් ජල මූලාශ්‍ර උපයෝගී කර ගනිමින් මෙම වැව පෝෂණය වේ.
සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනා මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක විය.
අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික පූජ්‍ය ඇටිපොල මහින්ද හිමියන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, විෂ්ණු දේවලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.