ගුවන් හමුදා රථයට හලාවත පම්බල වන රථය බිලි …ගුවන් හමුදා රියදුරු බිලා

 

මාරවිල පොලිස් වසමට අයත් ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන්ගන්නා මාර්ගයේ ගුවන් හමුදාවට අයත් මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී වෑන් රථය මාර්ගයේ
පෙරළීයාමෙන් සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවකු , කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
අද අලුයම 2.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
හලාවත පම්බල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් මඩු දේවස්ථානයට පිටත්ව යාමට පෙර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ දේවාශිර්වාද
ලබා යන අතරතුරදී අතුරු මාර්ගයකින් පැමිණි ගුවන් හමුදාවට අයත් මෝටර් රථයක් වෑන් රථයේ ගැටී මෙම අනතුරු සිදු වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ
වෑන් රථය මාර්ගය පෙරළී ගොස් තිබේ.
ඒ සමගම වෑන් රථයේ ගමන්ගත් පිරිස 1990 ගිලන්රථ සේවයට දැනුම් දීමෙන් පසු කඩිනමින් ගිලන්රථය පැමිණ තුවාල ලැබූවන් මාරවිල රෝහලට ඇතුළත් කිරීමට
කටයුතු කර තිබේ. තුවාලකරුවන් වෑන් රථයේ ගමන් ගත් අය වන බවත් මොටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් අනෙක් පුද්ගලයාට කිසිදු හානියක් සිදු නොවී
ඇත්තේ එහි ඇති වායු බැලූන ක්‍රියාත්මක වීමෙන් බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථය අතුරු මාර්ගයේ සිට ඉතා වේගයෙන් පැමිණ වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදු ව ඇති බව පවසන රථවාහන අංශයේ නිලධාරින් මෝටර්
රථයේ රියදුරු අධික ලෙස බීමත්ව සිටි බව සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද සදහන් කරයි.
වෑන් රථයට හා මෝටර් රථයට අනතුරින් බරපතල හානි සිදුවී තිබේ.

මෝටර් රථය ගුවන් හමුදා මූලස්ථානයේ සිට මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය ආසන්නව සිටින ගරාජයක සේවය කරන අයෙකු රැගෙනයාමට පැමිණ ඔහු සමග
ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මාරවිල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ පොලිස් සැරයන් 6656 නිමල් ආරියසිංහ ,
පොලිස් කොස්තාපල් 98826 සුරංග යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed