දිගන අලුත්වත්ත කැළිකසළ අංගණයේ කටයුතු ක්‍රමවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහයෝගය. නදීක දයා බණ්ඩාර – මහනුවර

මහජන විරෝධතා එල්ල වී ඇති දිගන, අලුත්වත්ත කැළිකසල අංගණයේ කැළි කසල බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණ කටයුතු ක්‍රමවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහයෝගය ලබා ගන්නා බව මධ්‍යම පළාත් පාලත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ප්‍රකාශ කළාය.
එම ස්ථානය වසා දමන ලෙසට මහජන විරෝධතා පැමිණියත් මධ්‍යම පරිසර අධිකාරිය, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව ඇතුලු අදාල ආයතන රැසක එකඟත්වයෙන් රුපියල් මිලියන තුන්සියයක පමණ වියදමින් මෙම අංගණය ඉදිකොට ඇතැයි කොමසාරිස්වරිය කීවාය.
එබැවින් එම ස්ථානය වසා දැමීම නොහැකි බවත් එහි කටයුතු ක්‍රමවත් කොට පරිසර හානි අවම කිරීමේ වැඩසටහනක් සඳහා යොමු වන බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කසළ කළමණාකරණ ඒකකයෙන් කළ විමසීම මත පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පරිසර අංශයේ මැදිහත්වීම මත කසළ අංගණය ක්‍රමවත් කිරීමට හැකිවනු ඇතැයි ඇය කීවාය.
විරෝධතාවේ නිරත පිරිස සමඟ සාකච්ඡා කළ බවත් මාස තුනක පමණ කාලයක් තුළදී අංගණය ක්‍රමවත් කරන බව ද පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය තව දුරටත් සඳහන් කළාය.