මාතර යටවෙන කුඹුරු වගානොකරන්න තීරණයක් – සචිනි සිරිවර්ධන

 

නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇතිවන ගංවතුරින් යටවන කුඹුරු වල මින් ඉදිරියට වී වගාව ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ‌ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වන බව හඳුනාගෙන ඇත.

එම කුඹුරු ගොවීන්ට වන්දි මුදලක් ලබා දී කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කමිටුවක් පත් කර තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අදාල කුඹුරු වී වගාව හැර වෙනත් වගා සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, ඒ සඳහා ‌ගොවි ජනතාවට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සැකසීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *