මහනුවර ඩෙංගු වැඩියි – නිලංක වන්නිආරච්චි

මෙම වර්ෂයේ ගෙවුණු මාස හය තුළ මහනුවර දිස්ත්‍රික්කය තුළ 2219ක් පමණ සැක සහිත ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවත් පසුගිය සති දෙක තුළ වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වර්තාවිමක් වැඩි වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි මහතා පවසයි.
පසුගිය සතිය තුළදී පමණක් සැක සහිත ඩෙංගු රෝගීන් 95 දෙනෙකු වාර්තා වී ඇති බවත් , සැක සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 තුළින්ම වාර්තාවන බවත් වසංගත රෝග වේදඥ වෛද්‍ය මාසා ආරච්චි මහතා පවසයි. පසුගිය වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 09 ක් වාර්තා වී ඇත. වඩා හොද ඩෙංගු පාලනයක් මගින් මේ වනවිට මරණ සංඛාව අඩු කර ගැනීමට හැකි වී ඇති බවත් ,වාර්තාවන වැඩිම රෝගීන් සංඛ්‍යාව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එය පසුගිය සතියේ දී 25 දෙනෙකු වන බවත් ඒ මහතා පැවසිය.
ඉදිරි කාලයේ දී මහනුවර ශ්‍රී දළදා පෙරහැර ආරම්භවීමට නියමිතව පවතින බැවින් මහනුවර නගරයට විශේෂ අවදානයක් යොමුකොට ඩෙංගු පාලනය කිරීමට සදහා කටයුතු යොදන බවත් කී ඒ මහතා , පොදු ජනයා ගේ නිරන්තර අවධානය මෙම කාලීනව ව්‍යාප්ත වන මාරාන්තික ඩෙංගු රෝගය කෙරෙහි යෙදවීම වඩා අවශ්‍ය බවත් , අනවශ්‍ය ජලය රැස්වෙන ස්ථාන පිරිසිදුකොට මෙම රෝගය වැලැක්වීමට සහය ලබාදෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.