දකුණේ වතු ප්‍රජාවගේ අර්බුද විසඳීමට ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රතිඥාවක්

දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජිවත්වන මලයගම් ජනතාව වසර ගණනාවක සිට මුහුණ දෙමින් සිටින අර්බුද රැසකට සිය පළාත් ආණ්ඩුකාර බලය තුළ විසඳුම් ලබාදීමට තමා සූදානම් බවත් මාසයක් ඇතුලත ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනු ලබන බවට දකුණු පළාතේ ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. මලයහා පාසැල් දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ සංවිධානයේ වැඩපිළිවෙල තුළ , මම දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට කරන්න පුලුවන් වැඩකොටසක් තිබෙනවා. ඒකට මම සුදානම්. අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් ආරම්භ කරනවා. වත්තට, වත්තෙන් පමණයි ගුරුවරු බඳවා ගන්නේ. ලබන සතියේ මම මෙය ගැසට් කරනවා. මාසයක් ඇතුලත ඔබට විසඳුම් ලබාදෙන්න ක්‍රියාත්මක වෙනවා. යැයි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මලයහ ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.

 
ආණ්ඩුකාරවරයා ඒ බව ප්‍රකාශ කළේ වතුකරයේ ජනතා හඩ සංවිධානය විසින් ජුනි මස 12 වෙනිදා, ගාල්ල කරිටාස් සෙඩ් ගෝල් ආයතනයේ දී පවත්වන්නට යෙදුණු දකුණු පළාතේ මලයගම් ජනතාවගේ වර්ථමාන තත්ත්වය පිලිබඳව රාජ්‍ය නිළධාරීන් හා සිවිල් සංවිධාන අතර සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිත වශයෙන් මලයහා ප්‍රජාව ආමන්ත්‍රණය කරමිනි.
 
 1994 දී මාස දෙකක කාලයක් තුළ දී ලෝකයේ රටවල් 17ක සිදුකළ දේශපාලන සංචාරයක දී විවිධ අරගල , අර්බුද පිළිබඳව දිගු අධ්‍යනයක් කිරීමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා,      ඇතැම් රටවල අර්බුද මතුවී තිබුණේ මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව තිබුණු පරතරය නිසා හෝ ආගම් අතර සංහිඳියාව නැතිකම නිසා හෝ ජාතික සංහිඳියාවක් නැතිකම නිසා හෝ ඇතිවූ ගැටුම් නිසා යැයි ආණ්ඩුකාරවරයා පෙන්වා දුණී.
 
“ස්වීඩනය වැනි රටවල්වලදී අපි දුටුවේ ඒ රටවල ප්‍රශ්න ඇති නොවීමට ප්‍රධාන හේතුව තමයි සෑම පුරවැසියෙකුට ම, සෑම පුද්ගලයෙකුට ම සෑම අංශයකදීම සමාන අයිතිවාසිකම් භුක්තිවිඳින්නට හැකි වීම. ඉතිං අපේ රටෙත් දෙමළ මනුෂ්‍යයෙකුට, මුස්ලිම් මනුෂ්‍යයෙකුට, ක්‍රිස්තියානි මනුෂ්‍යයෙකුට තමන් කැමති ආගමක් අදහාගෙන ජීවත්වීමේ නිදහස තියෙන්න ඕනේ. ඒක තමයි රටක පුරවැසියෙකු විධියට යහපත් විධියට සමාජයක ජීවත් වෙන්න තියෙන හොඳම විධිය” යැයි ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා ප්‍රකාශ කළේය.
 
ඒ නිසා, අපේ රටෙත්  ජීවත්වන සෑම පුරවැසියෙකුටම තම තමන්ගේ අනන්‍යතාවයට අනුව, සමාන අයිතිවාසිකම භුක්ති විඳිමින් ජීවත්වෙන්න පසුබිම තිබිය යුතුයි යන ස්ථාවරයේ ඉඳලා තමයි මම කටයුතු කරනේනේ”. යැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
 
“වසර ගණනාවක් තිස්සේ වතුකරයේ තිබුණු අඩුපාඩු සම්පුර්ණ කිරීම ඉතාම සුලුවෙන් තමයි සිද්ධවෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව, ඒ සඳහා පෙනී සිටී පුද්ගලයින් සහා සංවිධාන එක්තරා කාලයකට පමණක් පෙනී සිටීම , විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඡන්ද කාලයේදී පමණක් ගොස් ලබාදෙන ඡන්ද පොරොන්දු , කැපවීමකින් තොරව කෙටි කාලසීමාවකට පමණක් කටයුතු කිරීම යනාදිය හේතුවෙන් තමයි ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුවී නැත්තේ” ආණ්ඩුකාරවරයා පැවසීය.
 
වතු ප්‍රජාව වෙනුවෙන් කැපවීමකින් යුතුව කරපු වැඩ නිමවෙන තුරු කරගෙන යැමක් හෝ පසු විපරමක් සිදුකරනවා තමන්  දැක නැති බව ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා, වතුකරයේ ජනතා හඩ සංවිධානය එක් ජාතියකට පමණක් සීමා නොවී සියලු දෙනාම වෙනුවෙන් සියලු දෙනා සමගම සාකච්ඡා කර සංහිඳියාව වෙනුවෙන් මේ ප්‍රශ්නවලට උත්තර සොයන සංවිධානයක් ලෙස තමන් හඳුනාගෙන ඇති බව කීවේය.
 
ඒ අනුව මෙම සංවිධානයේ වැඩපිළිවෙල තුළ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තමන්ට කළ හැකි කාර්යයේ කොටසක් පවතින බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

“මම ඒකට ලෑස්තියි. මම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පටන් ගන්නවා. වත්තට ගුරුවරු බඳවා ගන්නේ වත්තෙන් විතරයි. මම මේක ලබන සතියේ ගැසට් කරනවා. මාසයක් ඇතුළත ඔබට විසඳුම් දෙන්න අපි අපේ වැඩ පටන් ගන්නවා” යැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
 
“ජනතාවට තමන්ගේ ආර්ථීක , සමාජීය අයිතිවාසිකම් කොතෙක්දුරට ලැබී තිබෙනවාද? , ඔවුන්ගේ සනීපාරක්‍ෂක සෞඛ්‍ය පහසුකම් කොතෙක් ලැබී තිබෙනවා ද? , අධ්‍යාපනීක පහසුකම් කොතෙක් ලැබී තිබෙනවා ද? , යටිතල පහසුකම් කොතෙක් දුරට සංවර්ධනයවෙලා තියෙනවා ද?, බාහිර සාමාජීය ප්‍රශ්නවලදී කොතෙක්දුරට සාධාරණය ඉටුවී තිබෙනවාද යන ප්‍රශ්න මා හඳුනාගෙන තිබෙනවා”.

වතුකරයේ ජනතා හඩ සංවිධානය විසින් අද ඉදිරිපත් කළ ලියවිල්ල මගිනුත් ඉල්ලා සිටින්නෙ ඉඩම් සහ නිවාස අයිතිය ගැනත් , දරුවන්ගේ අධ්‍යාපනය හා වෘත්තී පුහුණු පහසුකම් ගැනත් , කාන්තාවන් ගේ අභිවෘද්ධිය ගැනත් යැයි සඳහන් කළ ආණ්ඩුකාරවරයා මාසයක් ඇතුලත එම සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පියවර ආරම්භ කරන බවට පොරොන්දු විය.

 
තවදුරටත් දකුණු පළාත් මලයහා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු කාර්යයන් කෙසේ කළයුතු ද යන්න පිළිබඳව තමන් සමග සාකච්ඡා කරමින්, ආගමිවාදය, අන්තවාදය සහ ජාතිවාදය පරද්දා රට තුළ සමගිය ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව ඇතිකිරීම සඳහා කටයුතු කරන ලෙසත් , දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසට තමන්ට දිය හැකි සහය ලබාදෙන බවට අවධාරණය කළේය.
 
වතුකරයේ ජනතා හඩ හා සම්බන්ධ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මලයහා ජනතාව , තරුණ තරුණියන් සිවිල් සංවිධාන නායකයින් බෞද්ධ කිතුනු පූජකඋතුමන් සහභාගී වු මෙම වැඩසටහනේ ආරාධිත අමුත්තන් ලෙස ආණ්ඩුකාරවරයා සමගින් අම්බලන්වත්ත විවේකාරාමයේ විහාරාධීපති පූජ්‍ය කෙහෙල්ලුල්ලේ සුමේධ නාහිමි, ගාල්ල පදවි අනුනායක සහ කරිටාස් සෙඩ්ගෝල් ආයතනයේ අධ්‍යක්‍ෂ අතිගරු මයිකල් රාජේන්ද්‍රම් පියතුමා, කරිටාස් ශ්‍රී ලංකා ආයතනයේ සාමය හා සාධාරණත්වය සඳහා අංශයේ ප්‍රධානි දීපා ප්‍රනාන්දු පැවිදිය සොයුරිය, කොඩිසෙෆ් ආයාතනයේ අධ්‍යක්‍ෂ ඇන්තනි ජේසුදාසන් පියතුමා සහ දකුණු පළාත් දිස්ත්‍රික් ලේකම්වරු, සහකාර ලේකම්වරු, නීති නිළධාරීන් සහභාගි වූහ.  
 
දිස්ත්‍රික්ක නායකයින් , තරුණ නායකයින් විසින් සංවාධ මණ්ඩපයක් හරහා තමන් මුහුණ දෙමින් සිටින සියලුම ප්‍රශ්න පිළිබඳව පුලුල් ඉදිරපත් කිරීමක් සිදුකළහ.
 
පිංතූර සහ සටහන –  මෙලනි මානෙල් පෙරේරා  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *