මහවැලි ගං ඉවුරේ උණ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් – නදීක දයා බණ්ඩාර

මහවැලි ගං ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දියත් කොට තිබේ.

ඊට සමගාමීව උණ පැළ රෝපණය කිරීම පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ Zero Plastic සංසදයේ මූලිකත්වයෙන් ඊයේ (01) සිදු කෙරිණි. මෙම වැඩසටහන යටතේ මී හා කුඹුක් පැළ රෝපණය කිරිමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුවිය.

විශ්ව විද්‍යාලයේ සරසවි මැදුර නේවාසිකාගාරය අසළ මහවැලි ගංගා ද්‍රෝණියේ පැළ රෝපණය කිරීම සිදුවූ අතර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ විය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වන සහ පරිසර සංරක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක නිල්මිණි ඒකනායක මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලීය Zero Plastic සංගමයේ අනුශාසක ආචාර්‍ය සෙනාල් වීරසූරිය මහතා, සරසවිමැදුර නේවාසිකාගාරයේ පාලක  ආචාර්‍ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *