උත්සාහය තිබේ නම් මොනවද කරන්න බැරි ?

”  indipendent live in “යන්නෙන් අදහස් වන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට සෑම දෙයක්ම තනිවම කිරීමට අවශ්‍ය බවත්,  ඔවුන්ට කිසිවෙකුගේ උදව් නැතිව නැගිටීමට හැකියාව ඇති  බවත්ය . සැබෑවටම    ඔවුන්ට හුදකලා ව ජීවත්වීමට අවශ්‍ය  නොවන්නේ ද ?

 

ආබාධ සහිත වූවන් අද සමාජය තුළ යැපෙන්නන් බවට පත්ව ඇත්තේ ද රජයේ ද මැදිහත්වීමෙනි. ආබාධ සහිත වූවන් වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ගෙවනු ලබන්නේ එවැනි අරමුණකිනි.

එහෙත් , ඒ දීමනාව පසුපස නොගොස් තමා ද සාමාන්‍ය පුරවැසියෙකු සේ සළකා කටයුතු කළ යුතු බව හිතන   ආබාධ සහිත වූවන්  සමාජය තුළ නැතුවාම නොවේ.

එලෙස ස්වාධීනව ගොඩනැගෙන්න වෙර දරන වසන්තා රෝහිනි මහනුවර ප්‍රදේශයේ ජීවත්වන ව්‍යාපාරික කාන්තාවක් .

 

“මම වයස අවුරැදු 56ක කාන්තාවක්. වයස අවුරැදු 07 දී  පෝලියෝ රෝගයට ගොදුරe වුනා. ඒ දිනවල මම ලොකු කම්පාවකට පත්වුනා ‘කිසිදෙයක් කර ගන්න බැරි වෙයිද කියලා. නමුත් අද මම ව්‍යවසායිකාවක්. මගේ යටතේ මම වගේම ආබාධ සහිත කාන්තාවන්  සේවය කරනවා. “

එලෙස  ශක්තිමත්ව කතා කරන්න හැකියාවක් ඇති අය මේ සමාජයේ ඉන්නෙ කීයෙන් කී දෙනාද? ඒ අතලොස්ස අතරින්  වසන්තා රෝහිණි දක්ෂ ව්‍යවසායිකාවක් බව ඇගේ කතාවෙන් පැහැදිලි වේ.

මම  මහනුවර මීගම්මන ප්‍රදේශයේ  පදිංචි වෙලා ඉන්නෙ.  දැනට කුඩා දරුවන් වෙනුවෙන් විසිතුරු සෙල්ලම් බඩු නිෂ්පාදනය කරනවා. මගේ ළඟ මම වගේම ආබාධ සහිත කාන්තාවන් දෙදෙනෙක් රැකියාව කරනවා. මගේ නිෂ්පාදන භාණ්ඩ අලෙවි කර ගැනීමේ ගැටලුවක් නෑ. අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මම වැඩිපුරම ගැටලුවලට මුහුණපාන්නේ . නිෂ්පාදනවලට ඉල්ලුමක් තිබුණත් අලෙවි කර ගැනීමේදී  ගැටලු තියනවා. නිසි වෙළදපොලක් නොමැතිකම, ප්‍රවාහන වියදම් අධික වීම, අමුදව්‍ය සදහා අවශ්‍ය පිරිවැය සොයා ගැනීමට අපහසු වීම.අවම වශයෙන් සාධාරණ පොලී අනුපාතයක් යටතේ ණය මුදලක් හෝ ලබා ගැනීමට හැකියාවක් අපට නැතිකම මට මුහුණ පාන්න වෙලා තියෙන ගැටලුයි.

රාජ්‍ය බැංකු ණය ලබා ගන්න ගියාම අපි වගේ අය ප්‍රතික්ෂේප කරනවා .  ඉල්ලන්නේ අධාර නෙවෙයි. ණය මුදලක්. ඉතින් අපි වගේ  හැම කෙනෙකුටම  උපතින්ම කළ හැකි විවිධ හැකියාවන් පිහිටනවා.  ඒවා තවදුරටත් වර්ධනය කර ගන්න සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා”.

 

ජනගහනයෙන් 8%ක සංඛ්‍යාවක් ආබාධ සහිත වූවන්  බව 2012 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ  දත්ත  වාර්තා කරයි. එම පුද්ගලයන්  මුහුණ දෙන ගැටලු විවිධාකාර වන අතර , වැඩි දෙනෙක් ස්ව උත්සාහයෙන් ගොඩනැගින්නට වෙර දැරීම සුවිශේෂීය  .

එහෙත් කිසිම ආබාධ තත්ත්වයකින් තොර වූ පුද්ගලයන් යැපුම් මානසිකත්වයෙන් පෙලෙන ආකාරය දැකිය හැකි වන්නේ රජය මගින් ලබා දෙන සහන ගැනීමට පොරකන ආකාරයෙනි.

එවන් පුද්ගලයන්ට  වඩා

ධෛර්යයවන්තව ගොඩනැගෙන්නට උත්සාහ දරන   ආබාධ සහිත පුද්ගලයන්ට ශක්තියක් විය හැක්කේ කෙසේද?

 

සියලුම ජාතීන් නියෝජනය කරන ආබාධ සහිත පුද්ගලයන්  රටේ සංවර්ධනයට දායක වීමට කැමත්තෙන් සිටින පුද්ගලයින්ය.

ඔවුන්ට සමාජයේ කුමන හෝ අවස්ථාවන්හිදී  බාධක වලට මුහුණ පෑමට සිදුවන්නේ ඔවුන් වෙනුවෙන්  පහසුකම් සැලසීමට අනිකුත් පිරිස් කටයුතු නොකිරීමයි.

 

බොහෝ රාජ්‍ය ආයතනවලින් එදිනෙදා රාජකාරීන් කර ගැනීමට යන ආබාධ සහිත පුද්ගලයන්ට  ප්‍රවේශ පහසුකම් නොමැතිකම ඔවුන්ට වැඩ කර ගැනීමට විශාල බාධාවක් ව පවතී.

ස්වයං රැකියාවක නිරත වන ආබාධ සහිත පුද්ගලයෙකුට

බැංකු ණයක් ලබාගැනීමේදි එම ආයතන වලින් නිකුත් කර ඇති චකලේඛන ඇති කොන්දේසි මත ණයක් ලබා ගැනීමට අපහසුවී තිබේ.

 

ආෆ්ටර් ඇක්සස් විසින් සිදු කරන ලද පර්යේෂණයට අනුව ශී ලංකාවේ වයස අවුරැදු 15 ත් 65 ත් අතර ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව  570000ක් පමණ වේ. එය වයස් කාණ්ඩයේ ජනගහනය 4%කි.

(LIRN Asia සමීක්ෂණ තොරතුරු හා 2012 ජන සංගණන සංඛ්‍යා ලේඛන වලින් ගන්නා දල දත්ත වලට  අනුව ලංකාව තුල ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යව සියලුම වයස් කාණ්ඩ වලින් 1617924කි. (මුලු ජනගහනයෙන් 8%කි) . මෙම සංගණනයට අනුව සියලුම ජනගහනයෙන් ස්වයං රැකියා වල නිරත පුද්ගලයින් 31.4% වේ.ආබාධ සහිත පුද්ගලයින් 453091ක් පමනක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ලෙස හදුනාගෙන ඇති අතර අනෙක් අය ආබාධිතබාවය සහ මහලු විය හේතුවෙන් යැපෙන්නන් ‌වේ.

 

මේ පිළිබදව ආබාධ සහිත ව්‍යවසායකයින් සමග කතාබහ කිරීමේදී

රුවනි ගයන්තිකා  කියා සිටියේ මෙවැනි කතාවක්.

මම  නුවරට ආවේ ගාල්ල ප්‍රදේශයේ ඉඳලා. මම වයස අවුරැදු 37ක අවිවාහක කාන්තාවක්.

වසන්තා අක්කා විසිතුරු සෙල්ලම් බඩු නිෂ්පාදන වැඩපලක් පටන් ගන්නවා කියලා මා එක්ක කිව්වා. ඊට පස්සේ  මමත් කැමැතෙන්ම එහි වැඩ කරන්න  ආවා.  ඕඩර් ඒකක් ආවොත් එලිය වැටෙනකන් ඉදලා හරි අපි වැඩ කරනවා.අපේ හැකියාවට ඉඩ ලැබෙනවා අඩුයි.

 

හැමෝම බලන්නෙ සුලු පිරිසක් කරන වැරදි අපිට පටවලා ඒ් මිම්මෙන් අපිව මනින්න. අපි ආසා නැහැ නිකන් දෙන කිසිම දේකට.  අපේ උත්සාහයට වටිනාකමක් ගන්න අවස්ථාවක් දුන්නා නම් ඇති. මේ ව්‍යාපාරය දියුණු කරගන්න අපිට පුලුවන් , නිසි වෙළදපල ක් හඳුන්වාදීම වගේම බැංකු  ණය මුදලක් ලබාගන්න අවස්ථාවක් සැලසුනොත් නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්.

අලෙවි කිරීමට අවස්ථාවක් වගේම  අමු ද්ව්‍ය ලබා ගැනීමට මූල්‍ය සහය  දෙන්න හැකියාවක් තියේනම්  ඔය කවුරුත් කාගෙවත් යැපෙන්නෙක් වෙන්නෙ නැති වෙයි. අනිත් එක මම ආසයි මගේ ගෙදර අනිත් අය වගේම මමත් ගෙදර ආර්ථිකයට  දායකත්වයක් ලබා දෙන්න . සහ මට අභිමානයක් එන ආකාරයට ජීවත්වවෙන්න මමත් ආසයි.”

 

ඔවුන් තුළ තිබෙන අදහස් ප්‍රායෝගිකව කළ නොහැකිද ?

 

ඇත්තටම පුළුවං . මම ලහිරු රාජකරැණා පදික වෙළෙන්දෙක්. තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මට  අවුරුදු 23 යි . අවිවාහක තරුණයෙක්. මට උපතින් කිසිම ආබාධයක් තිබුණේ නෑ.  අනතුරකින් ඒක් පාදයක් අහිමි වුනා. ඒ්ක හරිම වෙනස් දෙයක්. අනාබාධිත තත්ත්වයේ ඉදලා ආබාධිත තත්ත්වයට පත් වුනාම ඒ්කට හැඩ ගැහෙන්න මට සැහෙන කාලයක් ගත වුනා. හැබැයි දැන් මම මගේ උත්සහයෙන් නැගිටින්න වෙර දරනවා. ඒකට පුංචි පුංචි බාධා නැතුවාම නොවෙයි. මම සබන් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. අපිට නිෂ්පාදන අලෙවි කරගන්න  ස්ථිරව  අලෙවිසලක් නෑ. ඒ නිසා පදික වේදිකාවෙ  වෙළදාම් කරනවා. බොහෝ දෙනාගේ පිළිගැනීම පදික වෙලෙදුන්ගේ භාණ්ඩ නිසි තත්ත්වයක නෑ කියන ඒක. හැබැයි ඒක ඒහෙම නෙවෙයි.සවුත්තු බඩු මිනිස්සුන්ට දීලා එක දවසක් මේ ගමන යන්න පුලුවන් හැබැයි හොද නිෂ්පාදනයක් පාරිභෝගිකයාට දුන්නොත් ව්‍යාපාරිකයෙක් විදිහට පවතින්න පුළුවන් .  මේ නිසා වෙළදාමේ දී යම් යම් අපහසුතා වලට අපි මුහුණ දෙනවා ඒත් අභිමානයෙන් යුතුව ජීවත් වෙන්න මම උත්සහ කරනවා.”

 

අයිතින් උදෙසා අපි සංවිධානයේ නීෂා සරීෆ් අදහස් දක්වමින් කියා සිටියේ,

 

ආබාධ සහිත ව්‍යවසායකයින් ලබා දෙන සමහර පුහුණු විධිමත්ව ලබා දෙන පුහුණු නොවන බව මගේ හැගිමයි. ඒ නිසා කේෂ්ත්‍රයේ දිගුකාලීන පැවැත්මක් නැහැ.විධිමත්ව පවත්වාගෙන යන අයට නගරයට පැමිණීමට ලොකු පිරිවැයක් දැරීමට සිදුවනවා. වැඩි දෙනෙකුට  සන්නිවේදන පහසුකම් නෑ . ඒ ඒ අයගේ නිෂ්පාදන සඳහා අලෙවිය අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.  අඩු ආදායම සහිත අය සදහා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෙළදසැල් ලබා දෙනවා නම් හොඳයි . එතකොට පුළුවන් ආබාධ සහිත අපි වගේ අයගේ  නිෂ්පාදන අලෙවි කරගන්න. ඒ සදහා අවස්ථා ලබා දීම කාලෝචිතය. බැංකු වලින්  ණය  ගැනීමේදී  ආබාධ සහිත පුද්ගලයාට විවිධ බාධාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.  මේ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් මීට වඩා ආබාධ සහිත පුද්ගලයා ඉහළට ගොඩනැගේවි. ”

 

දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකු මානව හිමිකම් ආයතනයට කළ පැමිණිල්ලකට අනුව  බැංකු කටයුතු වලදී තමා ඇතුළු ආබාධ සහිත වූවන් බොහෝ අපහසුතාවට පත්වන බව දන්වමිනී.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා  නිකුත් කරන ලද ලිපියේ සදහන් වන්නේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති සියලු වරප්‍රසාද අබාධ සහිත පුද්ගලයාටද හිමිවිය යුතුය යන්නයි .

“ස්වධීන ජීවිතය යනු ස්වයං නීර්ණය, සමාන අවස්ථා සහ ආත්ම ගෞරවය සදහා කටයුතු කරන ආබාධ සහිත පුද්ගලයින්ගේ දර්ශණයක් සහ ව්‍යාපාරයකි.  ආබාධ සහිත පුද්ගලයින් විසින් නොසලකා හරින ලද ඔවුන්ගේ  එදිනෙදා ජීවිතයේ දී සමාන තේරීම් සහ පාලනයන් ආබාධ සහිත තැනැත්තන් ඉල්ලා සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පවුල් සමග හැදීවැඩීමට, අසල්වැසි පාසලට යාමට,ඔවුන්ගේ අසල්වැසියන් සමග ඒකම බස් රථය භාවිතා කිරීමට සහ ඔවුන්ගේ අධ්‍යාපනට හා රැචිකත්වයට අනුකූල රැකියාවල යෙදීමට සහ ඔවුන්ගේම පවුල් ආරම්භ කිරීමටය.

 

 

නිලුකා අමරසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed