සෙංකඩගල වෙසක් කලාපයේ පාසල් අංශයේ බැති ගී මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී – නදීක දයා බණ්ඩාර

සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව පාසල් අංශයේ බැති ගී සරණිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (23) රාත්‍රී පැවැත්විණි.

කලාප දහයකින් යුක්ත සෙංකඩගල වෙසක් කලාපය තුළ මහනුවර නගරයේ පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම භක්ති ගීත ප්‍රසංගය ආරම්භ විය. පාසල් හා රාජ්‍ය අංශය වශයෙන් බැති ගී පැවැත්වෙන අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද රාත්‍රී පැවැත්වෙනුයේ රාජ්‍ය අංශයේ බැති ගී සරණියයි.

පාසල් අංශයේ වැඩසටහන විවෘත කිරීම අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ ආනුශාසනා පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සංවිධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය,  ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පාසල්වල විදුහල්පතිවරුන් දෙමාපියන් හා දූදරුවන් ඇතුලු රැසක් සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *