බාහිර අලංකරණය මෙන්ම අධ්‍යාත්මික අලංකරණය පිළිබදව මෙවර වෙසක් මංගල්‍යයේදී අවධානය යොමු කළ යුතු යැයි අස්ගිරි පාර්ශනයේ අනුනායක හිමියන් පවසති. නදීක දයා බණ්ඩාර

මෝහය නම් අන්ධකාරයෙන් පිරී ඇති මිනිසා ඉන් මුදා ගැනීමට නම් බාහිර අංලකාරය පසෙකලා අධ්‍යාත්මික සුවය පිළිබදව අවධානය යොමු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් පවසති.

තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සමරණ මෙ දිනවල බුදුගුණ වඩමින්  ප්‍රතිපත්ති පුරමින් තම තමන් ගේ ජීවිත අර්ථවත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම ඉතා කාලෝචි යැයි අනුනායක හිමියන් තව දුරටත් පවසයි.

වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් අස්ගිරි පාර්ශවයේ පණිවුඩය ලබා දෙමින් අනුනායක හිමියන් මේ බව පැවසූහ.

බෝසත් චරිතය සහ බුද්ධ චරිතයේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වැනි උතුම් ගුණධර්ම හැකිතාක් ජීවිත වලට සම්බන්ධ කර ගැනීමට මෙම මෙම වෙසක් සමයේ අප අධිෂ්ඨාන කරගත යුතු යැයි ද උන්වහන්සේ කීහ.

වෙසක් මංගල්‍යයන් දෙස බැලිමේදී මිනිසා බාහිර දියුණුව හා බාහිර අලංකරණය පිළිබදව අවධානය යොමු කළත් මිනිස් සිත දියුණු කර ගැනීම පිළිබදව අවබෝධය යොමු නොකරන බව උන්වහන්සේ සඳහන් කළහ. නමුත් මෙම වෙසක් මංගල්‍යයේදී සිය සිත දියුණු කර ගැනීම පිළිබදව කටයුතු කළ යුතු යැයි උන් වහන්සේ අවධාරණය කළේය.

මෝහ අන්ධකාරයේ ගිලී සිටින මිනිසාට ආලෝකයක් නොලැබෙන බවත් සිය ජීවිත ආලෝක කර ගැනීම පිළීබදව මිනිසා තව දුරටත් අවධානය යොමු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed