දොර දෙකෙන් වාහන හතරක් අත්අඩංගුවට – පොලොන්නරුව වාර්තාකරු

 

හිගුරක්ගොඩ දොර දෙකේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබු වාහන හතරක් අද 05 පෙරවරුවේ පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්
විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ඒ මුදල් විශුද්ධි කරන වැළැක්වීමේ පනත යටතේ යි

පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ වාහන අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් ඉපයීම සම්බන්ධයෙන් සිදු කරන
ලද විමර්ශනයකින් අනතුරුවයි .

.

මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් රථයක් , ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදි දෙකකි .

වාහන හිමිකරු කලක පටන් මත්ද්‍රවය ජාවාරමේ නිරත වන බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වන බව ද පොලිසිය ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *