මෛත්‍රීපාල සිරිසේන වහාම අත්තඩංගුවට ගන්න – – ම‍ෙලනි ම‍ාන‍ෙල් ප‍ෙර‍ේරා

 

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල කළ මහාමොලකරු පිළිබඳව තමන් දන්නා බවත් අධිකරණය හමුවේ හෙළිදරව් කරන්නට සුදානම් බවත් පාස්කු පාස්කු ප්‍රහාරය සිදුවුණු අවධියේ දී ජනාධිපති ව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් මහනුවර පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර ඇතිහෙයින් ආණ්ඩුවට පිටකොන්දක් තිබේනම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම අත්තඩංගුවට ගන්නා ලෙස, නිමල මරිය නිකායේ පියතුමෙකු වන මරාදන සමාජ හා ආගමීක කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක රොහාන් සිල්වා පියතුමා විසින් වත්මන් ආණ්ඩුවට අභියෝග කළේය.

 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් හෝ නියෝගයක් වෙතොත් ඒ පිළිබඳ සියල්ල හෙළි කිරීමට තමන් සූදානම් බවත් අධිකරණය එහි රහස්‍යභාවය රැකිය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහනුවර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බව, රොහාන් පියතුමා සිකුරාදා CSR හිදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසීය.
 
මාර්තු මස 21 වෙනි දා, පාස්කු ඉරුදින ත්‍රස්තවාදි ප්‍රහාරයට මාස 59ක් සැපිරුණූ  අතර , එදිනට පෙර දින හිටපු ජනපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් එකී ප්‍රහාරයේ ප්‍රධාන මොලකරු පිළිබඳව එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේය.
 
“පාස්කු ඉරුදින සිදූවුණූ ඒ මහා ව්‍යසනය ගැන යුක්තිය සොයා යන කණ්ඩායම් හැටියට කතෝලික සභාවේ නායකත්වය වගේම, ගිහි ජනතාවගේ නායකත්වය තුළ අපි නිතිපතා ප්‍රකාශකළ දෙයක් තමයි, මේ සිද්ධිය පිටුපස අනිවාර්යයෙන් ම මහා මොලකරුවන් සිටී බව. මේ සිද්ධිය පිටුපස සැළසුම්සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවපු කණ්ඩායමක් සිටී බව. මේ මහා ඛේදවාචකය පිටුපස දේශපාලන අරමුණක් තිබෙන්නට ඇති බව” යැයි රොහාන් සිල්වා පියතුමා පැවසීය.
 
මෙම සිද්ධීය වන විට මෛත්‍රීපාල සිංගප්පූරූවේ රෝහල්ගත වෙලා හිටියා කියන ප්‍රකාශයත් සාවධ්‍ය බව සාක්‍ෂි සහිතව ප්‍රකාශකරන්නට හැකි බව අපට ආරංචි වී තිබෙනවා බව ප්‍රකාශ කළ රොහාන් සිල්වා පියතුමා, එදා මේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය පිළිබඳව අනිවාර්යයෙන් දැනගෙන සිටිය බවත්, ඒ ගැන ප්‍රකාශ කිරීම අත්හැරලා, හෙළිදරව්කරන්නට මැළි වෙලා , එය පසෙක ලා, තමන්ගේ ඉදිරි අනාගතය ගැන පමණක් හිතපු කෙනෙක් බව අද ඔහු ඔප්පුකර හමාර යැයි ද කීවේය.
 
අපරාධයක් ගැන දැනගෙන එය වසන්කරගෙන සිටීම ම අපරාධයක් බව නීති උපදේශකයින් පැවසූ බව ද ප්‍රකාශ කළ පියතුමා , අපි වැනි සාමාන්‍ය පුද්ගලයෙකු මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශ කළානම් මේ වනවිටත් අත්තඩංගුවට ගෙන ඇති නමුත් ඔහු තවමත් කිදහසේ සිටින්නේ යැයි කීවේය.
 
කෙසේ වෙතත්, මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සඳහා තමන් සතුව සාක්ෂි තිබේදැයි සිරිසේන ප්‍රකාශ කර නොමැත.
 
ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2019 අප්‍රේල් 21 වන දා, කතෝලික ජනතාව පාස්කු ඉරිදා දිනය සමරන විට කොළඹ සහ කටුවාපිටියේ කතෝලික දේවස්ථාන දෙකක්, මඩකලපුවේ එක් දේවස්ථානයක් සහ කොළඹ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ක්‍රිස්තියානි බැතිමතුන්, දේශීය හා විදේශිකයන් විශාල සංඛ්‍යාවක් එකවර පිපිරීම් හයකින් මරා දැමීය.
 
ඒවගේම ක්ෂණික සෘජු බලපෑමක් ඇති නොවුව ද, ර‍ොහාන් සිල්වා පියතුමා  ඇතුළු CSR අායතනය සහ මීගමුවේ අතැම් සිවිල් සංවිධාන “පාස්කු ඉරිදා ප්‍රහාරයට සාධාරණය ඉටුවිය යුතුයි” කියමින් සෑම මසකම 21 වැනි දින අඛණ්ඩව විරෝධතාව පැවැත්වීය.
 
පාස්කු ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස, පසුගිය වසර‍ේදී  හිටපු ජනාධිපති සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ‍ේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *