කලාපයට “සහයෝගිතා පාලමක්”! – මෙලනි මානෙල් පෙරේරා

කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමේ ප්රයත්නයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස “සහයෝගීතා පාලම” ලෙසට නව ප්‍රවේශයක් මාර්තු 23 දින සවස 4.00 ට කටුනායක, “StandUp Sri Lanka” ව්‍යාපාරයේ කාර්යාල පරිශ්‍රයේදී සහෝදර සංවිධාන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

“ගෝලීය වශයෙන් ඉතාම බැරෑරුම් අර්බුදකාරි තත්ත්වයක් තුළ හිඳිමින් අපි අද මෙවැනි අත්‍යවශ්‍ය කාර්යයක් ආරම්භ කරන්නේ. ගෝලීය උතුර තමන්ගේ සුභසිද්ධීය උදෙසා ගෝලීය දකුණේ සම්පත් මංකොල්ලය වෙනුවෙන් මිනිස් සංහාර සිද්ධකරන පසුබිමක තමයි අද අපි දෙපයින් නැගී සිටින්නට ඔීනේ යන බලාපොරොත්තු අංශු මාත්‍රයක් හෝ තබාගනමින් තමයි මේ කර්තව්‍යය ආරම්භ කරන්නේ” යැයි සභාව ආමන්ත්‍රණය කරමින් අශීලා දංදෙණිය කීවේය.
රටේ ආර්ථීකය සිය දෙවුරමත තබාගනිමින් , ඒ සඳහා විශාල දායකත්වයක් සපයන නිදහස් වෙළෙඳ කලාප ශ්‍රමිකයින් අද වන විට, ගෝලීය වශයෙන් සහ රටක් වශයෙන් පවතින අර්බුද හමුවේ ඉතා විශාල වශයෙන් දැඩි පීඩනයකට මුහුණ දී ජීවිකාව ගෙනයන බව ඇය පෙන්වා දුණි.
කම්කරු ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කථාකරන , විසඳුම් සොයන , එම විසඳුම් වෙනුවෙන් ශ්‍රමිකයින් යොමුකරවන කණ්ඩායමක් ලෙසට පසුගිය වසර කීහිපය තුළ ස්ටෑන්ඩ්අප්
අපගේ අත්දැකීම වුයේ ඔවුන් ගේ ප්‍රශ්න ගැන කථාකරන්න, අවස්ථා සෑදීම, වේදිකා සෑදීම , අවකාශ නිර්මාණය කිරීම වෙනස් ආකාරයකින් අපි සිතිය යුතුයි කියලා. එවැනි ආකාරයෙන් සිතීමේ සහ ක්‍රියාත්මක වීමේ ප්‍රථිපලයක් අනුව තමයි අද සහයෝගීතා පාලම විවෘත වන්නේ යැයි අශීලා දංදෙණිය පැවසීය.

“සහයෝගීතා පාලම” තුළින් කලාපයේ ශ්‍රමිකයින් වෙත සැලසෙන සෘජූ සේවාවන් පිළිබඳව පැහැදිළි කරමින් අශීලා දංදෙණිය කියා සිටියේ , “කම්කරු ශ්‍රමිකයින් හට පෝෂ්‍යදායි ආහාරයක් ලැබෙන්නේ නැත්නම්, දවස මුලුල්ලේම මහන්සි වී වැඩකරන සේවකයාට විවේකීව යහලුවෙක් හමුවෙන්නට ස්ථානයක් නැතිනම්, විවේකි වෙලාවට බෝඩිමේ හිරවෙලා නොසිට නිදහසේ පොතක් කියවන්න තැනක් නැත්නම්, ඔවුන්ගේ උපන්දිනයක් යාලුවෝ සමග සමරන්න ස්ථානයක් නැත්නම් “ස්ටෑන්ඩ්අප්” අපි හිතුවා ඒ තැන අපි ඔවුන්ට නිර්මාණයකර දිය යුතුයි කියලා.
“රජයෙන් ලබාගත යුතු ලියකියවිලි සහ අවශ්‍ය තොරතුරු ලබාගන්නට ක්‍රමයක් අවකාශයක් නැතිනම් ඒ සඳහා ඔවුන් අතර විශාල පරතරයක් තිබෙනවානම් අපි ඒ පරතරය බිඳින්න අවශ්‍යයි. තමන්ගේ දෙමාපිය ඥාතීන් ඔවුන් බලන්නට පැමිණිවිට බෝඩිං කාමරයට ඔවුන් ගෙන්වා ගන්නට නොහැකිව පාරවල්වල කාලය මිඩංගු කරන්න සිදුවෙනවානම්, ඔවුන්ට හමු වී කථාකරන්න තැනක් අපි නිර්මාණයකර දිය යුතුයි” ඇය කීවේය.

“අද පටන් ශ්‍රමිකයින්ගේ අදහස් , ආකල්ප වර්ධනය කරමින් ඔවුන්ගේ අවශ්‍යතා අපට හැකි ආකාරයෙන් සම්පූර්ණකර දෙමින් සහයෝගීතා පාලම හැකි තරම් හොඳින් ඉදිරියට ගෙනියන්න අපි උත්සාහා කරනවා” යැයි වැඩිදුරටත් ඇය කීවේය.
“ස්ටෑන්ඩ්අප් මූමන්ට්” ආයතනය කියන්නේ එල්ජීබීටී කණ්ඩායමට විශාල සේවයක් කරන ආයාතනයක්. තවමත් ලංකාවේ ඒ ප්‍රජාව පිළිබඳව පවතින්නේ අමුතු ආකාරයක ආකල්ප. වෙළෙඳ
කලාපය තුළ මේ ප්‍රජාව සැලකිය යුතු පිරිසක් සේවයකරනවා. ඒ අය විවිධ වෙනස්කම්වලට වගේ ම කරදරවලට මුහුණදෙන අවස්ථා තිබෙනවා. නමුත්, කිසිම ප්‍රශ්නයකින් තොරව මේ “සහයෝගීතා පාලම” මගින් ලබාදෙන පහසුකම් භුක්තිවිඳින්නට, ඒ තුළින් මානසික සුවයක් ලබාගන්නට එල්ජීබීටී ප්‍රජාවට පුලුවනි” යනුවෙන් එල්ජීබිටි ප්‍රජාව නියෝජනය කරමින් සදිස් චෙනුර ප්‍රකාශ කළා.


“StandUp Sri Lanka” ව්‍යාපාරය, වසර ගණනාවක් තුළ විවිධ ප්රවෙිශයන් හරහා වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු ලබාදෙන්නට උත්සාහා කළ අතර, ඔවුන් වෙත සහය විය හැකි තවත් එක් නව පියවරක් වශයෙන් “සහයෝගීතා පාලම” හඳුන්වා දෙනු ලැබිණි.
කටුනායක,බියගම, කොළඹ, මීගමුව ස හ නි.වෙ.ක. ශ්‍රමිකයින් සහ සුභ පතන්නන් මෙම සහයෝගීතා පාලම සමාරම්භයට සහභාගී වූහ.