“වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා ගුණරත්න වැඩ භාරගනී”

 

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියකවූ දීපිකා ගුණරත්න මහත්මිය අද (15) පෙරවරුවේදී වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ දී වැඩ භාරගත්තාය.
රාජ්‍ය කළමනාකරණ සේවයෙන් රාජ්‍ය සේවයට එක්ව අති දීපිකා ගුණරත්න මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය සමත්ව සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක, ප්‍රාදේශීය ලේකම්වරියක, අමාත්‍යාංශ අතිරේඛ ලේකම්වරියක ලෙස මෙන්ම දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස ද කටයුතු කර ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීනියකි.
වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පත්වීමට පෙර ඇය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරිය ලෙස සේවය කරමින් සිට ඇත.
වයඹ පළාත් රාජ්‍ය සේවයයේ දොළොස් වන(12) පළාත් ප්‍රධාන ලේකම්වරිය වන දීපිකා ගුණරත්න මහත්මිය වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරට පත් එකම කාන්තා නිලධාරිනිය ද වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *