වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ 209 වන ගුණ සැමරුම මහනුවර දී.- නදීක දයා බණ්ඩාර

 

වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ 209 වන ගුණසැමරුම් උත්සවය සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ගේ ප්‍රධාන්වයෙන් පැවැත්විණි.

ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ ස්ථාපිත සුමංගල හිමි පිළිරුව අභියසදී ගුණ සැමරුම හා පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය සිදු කෙරිණි.

අධිරාජ්‍යවාදීන්ගෙන් රට, ජාතිය හා ආගම මුදා ගැනීම සඳහා වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් කළ උදාර දායකත්වය මෙහිදී අනුස්මරණය වූ අතර උන් වහන්සේ වෙනුවෙන් ගුණකථන කිහිපයක් ද එහිදී පැවැත්වුණේ මල්වතු හා අස්ගිරි පාර්ශනයේ අනුනායක හිමියන් අතිනි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ඇතුලු සම්භාවනීය පිරිස මෙහිදී සුමංගල හිමි ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීය.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි ඇතුලු මහා සංඝරත්නය ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියෝය.

 

ඡායාරූප – ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *