හලාවතට දෙවියන් දුන් තෑග්ග -ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න

 

හලාවත පදවියේ සිව් වන රදගුරු හිමිපාණන් ලෙස පාප් තුමන් විසින් පත්කළ අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන්ගේ රාජගුරු අභිෂේකය පසුගිය 02 වන දින පෙරවරු වේ හලාවත ආසන දෙව්මැදුරේදී ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු කැරිණි . ඒ හලාවත හිටපු රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුරතිනි මේ අවස්ථාවට කාර්දිනල් අති උතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් ඇතුළු දෙස් විදෙස් රාජගුරු ප්‍රසදුන්වහාන්සේලා විස්සකට වැඩි ප්‍රමාණයක් එක්ව සිටින ලදී .

රාජගුරු අභිසෙස් දිවය පුජා යාගය පැය පහකට ආසන්න කාලයක් පැවැත්විණි . හලාවත සුදසුන ශාලාවේ සිට පෙරහරින් නව රදගුරු හිමිපාණන් කටුව පැමිණි අතර මේ සදහා රාජගුරු ප්‍රසාදීන් වහාන්සේලා විස්සකට වැඩි ප්‍රමාණයක් හා කතෝලික පියතුමන්ලා සියයකට වැඩි ප්‍රමාණයක් එක්ව සිටින ලදී .

අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් 1969 වර්ෂයේ හලාවත පදවියට අයත් බෝලවත්ත මිසමේ ගම්මානයක උපත ලබා ඇති අතර උන්වහාන්සේ මුලින්ම අකුරු කර ඇත්තේ බෝලවත්ත ගොන්සාල්වෙස් මහා විද්‍යාලයෙයි . ඉන් අනතුරුව මාරවිල දෙව්සත්හලින් හා අම්පිටිය ජාතික දේවසත්හලෙන් අධ්‍යාපනය ලබා ඇති උන්වහාන්සේ පුජත්වරය ලබා ඇත්තේ 1997 වර්ෂයේයි . ඉන් අනතුරුව හලාවත පදවියේ ස්ථාන කීපයක සේවය කල උන්වාහන්සේ වැඩි දුර අධ්‍යාපනය සදහා විදේශ ගත වූ අතර පසුව සභා නිතිය පිළිබද ආචාර්ය උපාධිය ද හිමිකර ගෙන තිබේ . ඉන් පසු ලංකාවට පැමිණෙන අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් හලාවත පදවියේ අධිකරණ නාහිමි ලෙස වසර හතක කාලයක් සේවය කර ඇත . පසුව ඇමරිකාවේ වසර දෙකක් සේවය කරන උන්වහන්සේ නැවත මෙරටට පැමිණෙන්නේ හලාවත පදවියේ හතරවන රදගුරු හිමිපාණන් ලෙස රෝමයේ පත් කිරීමත් සමගයි .

අතු උතුම් පළමුවන ෆර්න්සිස් ශුධධෝත්ත්ම පියතුමන් විසින් අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් හලාවත පදවියේ සිව් වන රදගුරු හිමිපාණන් ලෙස
පත් කලේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනි දිනයි .

නව රදගුරු හිමිපාණන්ට සුභ පැතීම සදහා මහ සංඝරත්නය මෙන්ම අන්‍ය ආගමික නායකයන්ද ද එක්ව සිටින ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *