“ලොරෙන්සෝ පුතා – 4″ බේරාගත් ධීවරයින් තවමත් අතරමංව සිටිති”- යාත්‍රා හිමිකරු පවසයි — ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙ‍ර‍ේරා

“සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් අපේ ධීවරයින් 06 දෙනා සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි වික්ටෝරියා වරායේ නැංගුරම් ලා තිබෙනවා. ඔවුන් බේරාගෙන අදට (‍ප‍ෙරවාරි 29) මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිව යුතු හැම තැනකටම ගියා” යැයි ‘ලොරෙන්සෝ පුතා – 4’ යාත්‍රා හිමිකරු, ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ‍ම‍ෝජ‍ෝ පුවත් සේවයට ප්‍රකාශ කළා.

 
ෂීෂෙල්ස් මුහුදු ආරක්‍ෂකයින් විසින් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරාගත්ත අපේ ධීවරයින් 06 දෙනා සහ මගේ යාත්‍රාව තාමත් ෂීසෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරායේ නැංගුරම්ලාගෙන සිටිනවා. මා යායුතු , කිව යුතු සෑම සියලු දෙනාටම දන්වලා තියෙන්නේ නමුත්, මේ අයව බේරාගන්න කිසිම සාර්ථක පියවරක් තාම නැහැ. විදේශ විනිමය සොයාදෙන අපිට අපේ ආණ්ඩුවෙන් ලබාදිය යුතු සහයෝගය ලබාදෙන්න මෙතරම් මැළිවෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක්? ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා ම‍ෝජ‍ෝ පුවත් සේවයට ඊය‍ේ ප්‍රකාශ ක‍ළ‍ේය. 
 
“භය වෙන්න එපා, අපිට කාලය ඕනේ. තව දවස් දෙක තුනකින් කියන්නම් හරියටම එයාලව කවදාද ගේන්න පුලුවන් කියලා.” යනුවෙන් තමන් බදාදා දින (28 දා) විදේශ කටයුතු අමාත්‍යංශයට කථාකළ විට එහි ඩී.ජී. එසේ පිළිතුරු දුන් බව ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා  කීවේය.
 
ඔහු පැවසූ පරිදි, සෝමාලි මංකොල්ලකරුව්න්ගෙන් යාත්‍රාව සහ ධීවරයින්ව නිරුපද්‍රිතව බේරාගෙන අදට (29දා) හරියටම මාසයක්. නමුත් ධීවරයෝ සහ යාත්‍රාව තාමත් ෂීෂෙල්ස් රටේ. ධීවරයින් සහ යාත්‍රාව බේරාගන්නට ශ්‍රී ලංකාවේ රජයෙන් අවශ්‍යකරන ලියකියවිලි , ගත යුතු නිසි නීතිමය පියවර ගැනීමට විශාල ප්‍රමාදයක් පවතින බවයි.

“කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් , අදට මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා යන අය මෙතරමි ප්‍රමාද කරන්නේ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක්” යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි කීවේය.

 
ජනවාරි 17 වැනිදා ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව හලාවත – දික්ඕවිට ධීවර වරායෙන් අරාබි මුහුද දෙසට සිය මංගල මුහුදු ගමන ආරම්භ කළේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟිනි.  එ‍හ‍ෙත්, ජනවාරි 27 ‍ ව‍ෙනිදා, මංගල ගමන ගිය ල‍ොර‍ෙන්‍ස‍ෝ පුතා 4 මුහුදු ‍ ක‍ොල්ලකරුවන් අත පත්විය.
 
අවසානයේදී, ජනවාරි 29 ව‍ෙනිදා, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායේ සහ ධීවර අමාත්‍යාංශයේ, විදේශ අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යවරයාගේ සහය ඇතිව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනා සහ යාත්‍රාව 
සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් නිරුපද්‍රිතව බේරා ගනු ලැබුණි. 
ෆ්‍රැන්සිස් මිල්රෝයි පවසන පරිදි, “යාත්‍රාව පැහැරගැනීමෙන් පසු, සෝමාලියාව දෙසට තම ගමන ආරම්භ කළ හැකි පරිදි සංඥා ක්‍රියාත්මක කරන ලෙස නායකයාට උපදෙස් දෙන ලදී. නමුත්, අපගේ බොහෝ යාත්‍රා සීෂෙල්ස් ආසන්නයේ ගමන් කරන නිසා, ස්කීපර් තත්පර කිහිපයක් විදුලි පන්දම දල්වා තිබූ නිසාත්. ඉන් අනතුරුව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය එම සංඥාව හඳුනාගෙන ඇත. වාසනාවකට මෙන්,  ස්කීපර් කරන්නේ කුමක්දැයි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් දැන සිටියේ නැහැ”  යැයි ඔහු සිහිපත් කළේය.
 
මීට සති දෙකකට පෙර හලාවත පැවති මාධ්‍ය හමුවකදී වීඩියෝ මාර්ගයෙන් ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමඟ අදහස් දැක්වූ යාත්‍රාව‍ෙි නායක රඛිත දුෂාන් පවසා තිබුණේ “අපිට කෑම ලැබෙනවා, නමුත් අපිට ඒ කෑම කන්න අමාරුයි. කරන්න දෙයක් නැති නිසා බඩගින්න නිවාගන්න අපි ක‍ොහ‍ොමහරි එ කෑම ගිලදානවා” යැයි පවසා තිබුණි.
 
ම‍ෝජ‍ෝ නිවුස් වෙත අදහස් දැක්වූ රඛිතගේ මව පවසන පරිදි,” අපි හැමෝම ල‍ොකු තිගැස්මක ඉන්නේ අපේ පුතාලාව දකිනකම්. ස්කිපර් රඛිත මගේ පුතා. මගේ බෑනාත් ඒ අය එක්ක ඉන්නවා. දැන් අපේ පවුල්වලට ආර්ථික ප්‍රශ්න බලපා තියෙනවා. දැන් මාසයක් වෙනවා එයාලට රස්සාවක් නෑ. එනිසා මාසයක අාදායමක් නැහැ. රජය ඔවුන්ගේ රාජකාරි කඩිනම් කළහොත් ඔවුන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.” ඇය පැවසුවාය. 
 
“වාර්ෂිකව අපි යාත්‍රාවේ බලපත්‍රය ලෙස රජයට රුපියල් 50000.00 ක් ගෙවනවා. තවත් රුපියල් 120,000.00 ක් VMS ර‍ේඩාර් සිස්ටම් එකට ‍ ග‍ෙවනවා. ගුවන්විදුලි බලපත්‍රය සඳහා අපි තවත් රුපියල් 20,000.00 ක් වසර පහකට වරක් ගෙවනවා. ඒ වගේම යාත්‍රා නැංගුරම් ලෑම සඳහා අපි දිනකට රුපියල් 1300.00 ක් ගෙවනවා. යාත්‍රාව ව‍ෙනුව‍ෙන් අපි රජයට විශාල මුදලක් ගෙවනවා.  රටට තවත් විශාල මුදලක් උපයා ‍ ද‍ෙනවා. නමුත් අපි අමාරුවේ වැටුණහම ඔවුන්ට උදව් කරන්න බැහැ ” යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය. 
 

අපේ ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය මුලදී අපට උදව් කළ බව ඇත්ත. නමුත් අපේ මිනිසුන් සහ මගේ යාත්‍රාව නිදහස්කර‍ග‍ෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ඒම ට අප‍ේ රජයට වගකීමක් තිබ‍ෙනවා. තවත් පමාන‍ොවී රජය වහා මැදිහත් විය යුතුයි.” ඔහු පැවසීය. .

 
“අපේ ධීවරයන්ගේ පවුල් හය බලාගන්න මට ධීවර අමාත්‍යාංශයෙන් කිසිම මූල්‍ය ආධාරයක් ලැබුණේ නැහැ. හැමදේම මට කළමනාකරණය කරගන්න වෙලා තිය‍ේන්න‍ේ”   යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි වැඩිදුරටත් පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *