හලාවත නව රදගුරු අභිෂේකය – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

හලාවත පදවියේ සිව් වන රදගුරු හිමිපාණන් ලෙස පාප් තුමන් විසින් පත්කළ අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන්ගේ රාජගුරු අභිෂේකය මාර්තු මස 02 වන දින පෙරවරු
09 ට හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැදුරේදී ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු කරන බව
හලාවත පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ඉසංක මිහිරාන් ප්‍රනාන්දු පියතුමා පැවසිය .
මේ දේව මෙහෙය සදහා ශ්‍රී ලංකාවේ සියලු රදගුරු හිමිවරුන් සහභාගී වීමට නියමිත අතර අති උතුම් කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ද මේ අවස්ථාවට එක වීමට නියමිතයි
නව රදගුරු හිමිපාණන් හලාවත පදවියට පිළිගනිම හෙට 01 පස්වරු 03 ට තෝප්පුව මංසන්ධියේදී සිදු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව උන්වහන්සේ රථ පෙළපාලියකින්
හලාවත ආසන දේව මදුර දක්වා කැදවා ගෙන ඒමට නියමිතයි
අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් 1969 වර්ෂයේ හලාවත පදවියට අයත් බෝලවත්ත මිසමේ ගම්මානයක උපත ලබා ඇති අතර උන්වහාන්සේ මුලින්ම
අකුරු කර ඇත්තේ බෝලවත්ත ගොන්සාල්වෙස් මහා විද්‍යාලයෙයි . ඉන් අනතුරුව මාරවිල දෙව්සත්හලින් හා අම්පිටිය ජාතික දේවසත්හලෙන් අධ්‍යාපනය ලබා ඇති උන්වහාන්සේ
පුජත්වරය ලබා ඇත්තේ 1997 වර්ෂයේයි . ඉන් අනතුරුව හලාවත පදවියේ ස්ථාන කීපයක සේවය කල උන්වාහන්සේ වැඩි දුර අධ්‍යාපනය සදහා විදේශ ගත වූ අතර පසුව
සභා නිතිය පිළිබද ආචාර්ය උපාධිය ද හිමිකර ගෙන තිබේ . ඉන් පසු ලංකාවට පැමිණෙන අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් හලාවත පදවියේ අධිකරණ
නාහිමි ලෙස වසර හතක කාලයක් සේවය කර ඇත . පසුව ඇමරිකාවේ වසර දෙකක් සේවය කරන උන්වහන්සේ නැවත මෙරටට පැමිණෙන්නේ හලාවත පදවියේ හතරවන
රදගුරු හිමිපාණන් ලෙස රෝමයේ පත් කිරීමත් සමගයි .
අතු උතුම් පළමුවන ෆර්න්සිස් ශුධධෝත්ත්ම පියතුමන් විසින් අති උතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසුරිය මාහිමිපාණන් හලාවත පදවියේ සිව් වන රදගුරු හිමිපාණන් ලෙස
පත් කලේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනි දිනයි .