08 වසරට පා තබමින් ජාත්‍යන්තර මැදිහත්වීම තදින්ම ඉල්ලා සිටින උතුරේ අම්මලා – මෙලනි මානෙල් පෙරේරා

 
“උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක 08ක ඥාතීන් එකතුවෙලා බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින අපේ ඥාතීන්ට මොකද වුණේ කියන ප්‍රශ්නයට පිළිතුරු ඉල්ලා සිටිමින් වසර 07ක් තුළ සිදුකළ අරගලයට  පිළිතුරු නොදුන්න ශ්‍රි ලංකා ආණ්ඩුවට තවදුරටත් කාලය හා අවස්ථා නොදී අපි ඉල්ලා සිටින විසඳුමි ලබාදීමට වහ වහා මැදිහත්වෙන ලෙසට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් මහත් ඔිනෑකමින් ඉල්ලා සිටිනවා.” යැයි උතුරු නැගෙනහිර, බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමය (ARED) සභාපතිනී යෝගරාජා කනකරංජනී පැවසුවාය.
 
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර, බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ඥාතීන් විසින් දියත් කරන ලද ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ 07 වන වසර සම්පූර්ණ වීම, පෙබරවාරි 20 වෙනිදා ට යෙදුණි. එම දිනය සහ දීර්ඝ අරගලය සනිටුහන් කරමින් ඥාතීන්ගේ සංගමය (ARED) විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර, එම විරෝධතාවය පෙබරවාරි 20 වෙනිදා පෙරවරු 10.00 ට කිලිනොච්චියේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිල භූමියෙන් ආරම්භකර ඩිපෝ හන්දිය දක්වා කිලෝමීටර 04ක පමණ දුරක් පාගමින් පැමිණ, අම්මාන් කෝවිල භූමීයේදි  තම ඥාතීන් අතුරුදහන්කරවූවන්ට එරෙහිව පොල් ගසමින් විරෝධතාව අවසන් කළේය. 
 
“අපේ ජනතාව ඝාතනය කරලා , අතුරුදහන් කළ ඒ පවුල (රාජපක්‍ෂ) ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරලා ජාත්‍යන්තර අධිකරණය හරහා විසඳුම් ලබාගැනීමට අපි අපේක්‍ෂා කරනාව. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා” යැයි සංගමයේ සභාපතිනිය, යෝගරාජා කනකරංජනී මාධ්‍ය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේය.
 
“උතුරු නැගෙනහිර සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් කරන මේ හැගීම්බර , උද්යෝගිමත් අරගලය තේරුම් අරගෙන සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් සියලුම දෙනා අපිත් සමග ගමන්කළ යුතු යැයි මාධ්‍ය හරහා අපි අද ඉල්ලා සිටිනවා.” යැයි ද ඇය ප්‍රකාශ කළේය. 
 
මේ වසර 07 පුරාවට ම අපේ ඥාතින් සොයා අපි යන මේ ගමනේ දි පොලීසිය, හමුදාව, බුද්ධි අංශවලින් අපිට විවිධ කරදර , තර්ජන වලට මුහුණ දෙන්න සිදුවුණා. ජිවිත තර්ජන වලට මුහුණ දෙමින් පවත්වාගෙන යන මේ අසීරු ගමන ජාත්‍යන්තරය තේරුම් අරගෙන විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ දක්වා අපි ගමන් කරනවා” යැයි ඇය අවධාරණයකොට ප්‍රකාශ කළේය.
 
එමෙන්ම, ඇය විදේශගතව සිටින සමස්ත දෙමළ ජනතාව හමුවේ ද ඉල්ලීමක් තබමින් එම රටවල තානාපති කාර්යාල ඉදිරිපස ඉතාම ඔිනෑකමින් හැගීම්බරව දෙමළ ජනතාවට සිදුවුනූ මේ අසාධාරණයට යුක්තිය ඉල්ලා මේ අරගලය ගෙනයන්න කියා ද ඉල්ලා සිටියේය.
 
ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් විසින්, විශේෂයෙන්ම යුද සමයේදී සහ යුද්ධයෙන් පසුව හමුදාව වෙත රැගෙන යාමෙන් හෝ භාරදීමෙන් පසු ළමුන් සහ තරුණයින් ඇතුළු දහස් ගණන් දෙමළ ජනතාව අතුරුදහන් විය.
 
“අපේ අතුරුදහන්වෙලා සිටින ඥාතීන් සොයාගෙන එකදවසක් හෝ ඔවුන් සමග ජීවත් වෙන්න ඔිනේ කියන සිහිනයක් අපි හැමෝටම තියෙනවා, මොකද හමුදාවේ ඉල්ලීමට, අපි දැනුවත්ව අපේ දරුවන් හමුදාවට භාරදුන්නා. ඒ වගේම අපි දැනුවත්ව පවුල් පිටින් හමුදාවට භාරවුණා. ඉතිං එයාලා කොහේ හෝ ජීවත්වෙලා ඉන්න ඔීනා නේ”. මෙය එක් මවකගේ හෝ පියෙකුගේ හෝ ඥාතියෙකුගේ කියමනක් හෝ අපේක්‍ෂාවක් නොව වසර 07ක් තිස්සේ පාරට පැමිණ අරගලය කරන සියලුම මව්වරුන්ගේ පියවරුන්ගේ සහ ඥාතීන්ගේ එකම බලාපොරොත්තුවයි. 
 
එමෙන්ම, විරෝධතා පාගමනට එක්ව සිටී බහුතර වයෝවෘද්ධ දෙමාපියන්ගේ මෙන් ම ඥාතින්ගේ මතය වූයේ ද එයමයි.  ඔවුන්ට භාරදුන්න ළමයි , ස්වාමිපුරුෂයෝ කෝ කියල අහන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? යැයි ඔවිහු අසති.   
 
ඥාති සංගමයේ (ARED) උතුරු නැගෙනහිර ශාඛා 08ක ඥාතීන් සිය ගණනක් සිය අතුරුදහන් වූවන්ගේ ඡායාරූප, කළු කොඩි සහ ඔවුන්ගේ ඉල්ලීම් සහ සටන් පාඨ ලියූ බැනර් පුවරු කිහිපයක් අතැතිව විරෝධතා පාගමනට සහභාගි වූහ. 
 
“අපට සත්‍යය සහ යුක්තිය අවශ්‍යයි”, “අපට මරණ සහතික අවශ්‍ය නැත, අපගේ ආදරණීයයන් කොහේදැයි අපට දැන ගැනීමට අවශ්‍යයි”, “සියලු වගකිවයුත්තන් ජාත්‍යන්තර කොමිසමට ගෙන ආ යුතුයි”, “අපට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර විමර්ශනයක් පමණයි” යනුවෙන් දෙමළ භාෂාවෙන් සටන් පාඨ කියමින් ඔවුහු පා ගම‍‍න‍ේ ‍ය‍ෙදුණි. 
 
එ‍ම‍ෙන් ම, උතුරේ වින්දිතයන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව, කොළඹ සිට විරෝධතා පා ගමනට මානව හිමිකම් ක්‍රියාකාරීන්, අතුරුදහන් වීමේ ප්‍රශ්නයට ගොදුරු වූ කිහිප දෙනෙක්, ක්‍රියාකාරි ක්‍රිස්තියානි පූජකවරු සහ එක් බෞද්ධ භික්ෂුවක් සහභාගී වූහ.
 
“යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් උතුරේත් දකුණෙත් මිනිස්සු එකට ඒකරාශි වෙලා වින්දිතයින්ගේ අයිතිවාසිකමි රැකගන්න බලවෙිගයකින් විතරයි මේ පවතින ආණ්ඩුව ගෙදෙර යවලා, මේ අමිමලාගේ පවුල්වලට යුක්තිය ඉෂ්ටකරවා ගැනීමට පුලුවන් වෙන්නේ. ඒ සඳහා අපි සියලුම ශ්‍රී ලාංකීකයින්ට ආරාධනා කරනවා ජනතා බලය වටා ඒකරාශී වෙන්න කියලා. ඒ සඳහා අරගලය පමණයි ජනතාවට තියෙන්නෙ.” යනුව‍ෙන් ජීවන්ත පීරිස් පියතුමා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
 
ARED මූලාශ්‍රවලට අනුව, 2009 යුද්ධයේ පසුකාලීන අවස්ථා වලදී පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. තම දරුවන් පිළිබද කිසිදු ‍ත‍ොරතුරක් න‍ොදැන ම වය‍ෝවෘද්ධ ‍ද‍ෙමාපියන් 217 ‍ද‍ෙ‍න‍ෙකු මිය‍ග‍ොස් සිටිති. 
 
රතු කුරුස සංවිධානයෙන් ලැබී ඇති තොරතුරුවලට අනුව ඔවුන් 16000ක් (දහසය දහසක්) පුද්ගලයින් පුනරුත්ථාපනය කර ශ්‍රී ලංකා යුද හමුදාව හරහා නිදහස් කර ඇත. එම සංඛ්‍යාවෙන් 12000 (දොළොස් දහසක්) පිරිසක් සමාජගතකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ARED හට දන්වා තිබුණි. එවිට, “ඉතිරි 4000 (හාරදාහට) මොකද උනේ යැයි” 
දෙමව්පියෝ ප්‍රශ්න කරති.
 
“එබැවින්, මෙම ප්‍රහේලිකාව විසඳීම සඳහා අපට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණි.” ඔව්න් කීව‍ේය.
 
https://www.youtube.com/watch?v=fGwUwotgf9s&t=26s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *