ඔරලෝසු කණුවේ විරෝධය

මාදම්පේ ඔරලෝසු කණුවට නැග විරෝධය දැක්වූ පුද්ගලයෙකු පාලනය කර අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලිසිය අද 16 පස්වරුවේ පියවර ගැනිණි මාදම්පේ මැල්ලව ගාර ග්‍රාමයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු මාදම්පේ රෝහලට ඇතුලත් කිරීමට
පොලිසිය විසින් පියවර ගන්නා ලදී .
මේ සදහා මාදම්පේ පොලිසියට ප්‍රදේශවාසීන්ගේ ද සහය හිමි වූ අතර මේ පුද්ගලයට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගන්නා ලදී . ඔරලෝසු කණුවට නැගී පුද්ගලයා එයටද හානි සිදු කර ඇති බව වාර්තා වේ . මාදම්පේ පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි .