ඉදිරි වර්ෂ පහ තුළදී පළාත් පාලන ආයතන ඩිජිටල්ගත විය යුතුයි. – නදීක දයා බණ්ඩාර

 

පළාත් පාලන ආයතන ඇතුලු රජයේ ආයතන ඉදිරි පස් වසර තුළදී අන්තර්ජාල ගෙවීම් කරා යොමු විය යුතු යැයි වයඹ සංවර්ධන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ජගත් අතපත්තු මහතා පවසයි.
වරිපනම් ඇතුලු විවිධ ගෙවිම් සඳහා මුදල් අයකැමි වෙත පැමිණීම වෙනුවට අන්තර්ජාල ගෙවීම් ප්‍රචලිත වෙමින් පවතින බව ද ඒ මහතා පැවසුවේය.
විධායක අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පූජපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෙවීම් අන්තර්ජාල ගත කිරීම සහ එම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සියලු ගෙවීම් www.pay.cat.2022.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිවී එසැණින් ගෙවීමේ හැකියාව ලබා දෙන නව වෙබ්අඩවිය මෙහිදී විවෘත කෙරිණි.
පළාත් පාලන දෙපාර්තමේන්තුව හා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම මත වයඹ සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත මෙම අන්තර්ජාල ගෙවීම් පහසුකම් ලබා දී ඇති අතර පවුල් 67 000ක සේවා පහසුකම් ලබාදීම මේ යටතේ සිදුකර ගත හැකිවේ.
එහිදී අදහස් දැක් වූ ඒ මහතා වර්ෂ 2000දී හදුන්වා දුන් 3G තාක්ෂණය සමඟ අන්තර් ජාල භාවිතය ඉහළ ගිය බව කීවේය. වර්ෂ 2020දී පමණ ප්‍රචලිත වූ 5G භාවිතය හේතුවෙන් සියලු ගනු දෙනු ජංගම දුරකථන ඔස්සේ සිදුකිරීමට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් පෙළඹී ඇතැයි විධායක අධ්‍යක්ෂවරයා කීහ.
ජංගම දුරකථන භාවිතය හා අන්තර්ජාල ගනු දෙනු කෙටි කාලයක් තුළදී සිදුකළ නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා අද වන විට තරුණ ප්‍රජාව සියලු ගෙවීම් අන්තර්ජාල ඔස්සේ සිදුකිරීමට පෙළඹී ඇතැයි කීවේය. එවැනි ප්‍රජාව සඳහා සියලු ගෙවීම් අන්තර්ජාලය මගින් සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් පළාත් පාලන ආයතන මගින් සිදුකිරීම වඩාත් ඵලදායක යැයි ද ඒ මහතා තවදුරටත් කීවේය.
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වන අනුර ප්‍රනාන්දු, අනුර මඩලුස්ස යන මහත්වරුන්, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ශාලිකා දීගල මහත්මිය, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් කුෂානී ජයරත්න මහත්මිය ඇතුලු නිලධාරීන් හා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සේවාලාභීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed