මැණික් සොරු මාට්ටු – කුරුණෑගල චාන්දනී දිසානායක
දිගු කලෙක පටන් ස්වාභාවික පරිසරයට දැඩි හානි කරමින් හංගමුව ඟගේ මැණික් ගරමින් සිටි පුද්ගයන් 24 දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජි.එන්. ලිලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.05 වන දින ඇලපාත පොලිස් වසමේ හංගමුව ගඟ තුල දී වැටලීම් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක පටන් පරිසරයට දැඩි හානිගෙනඑමින් හංගමුව ගගේ ඉවුරු ඛාදනයට ලක් කරමින් නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි රත්නපුර, උඩකරවිට ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 21 ත් 57 අතර වයසේ පසුවන පුද්ගලයන් 24 දෙනෙකු පතල් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.