දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

දේශගුණික විපර්යාස පිළිබද අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක ප්‍රමිතියෙන් යුතු එම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රටවල් කිහිපයක දායකත්වය හිමිවන බව ද ඒ මහතා කීවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර සම්බන්ධීකරණ කාර්යාලයේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අක්කර 650ක පමණ භූමි භාගයක් ආවරණය වන පරිදි ඉදිවන මෙම මධ්‍යස්ථානය මගින් මෙරට දේශගුණය පිළිබද පමණක් නොව කලාපීය වශයෙන් සිදුවන දේශගුණික වෙනස්කම් අධ්‍යයනය කරන බව ද කීවේය.

මේවන විට රටවල් කිහිපයක සහභාගීත්වය හා දායකත්වය මෙම විශ්ව විද්‍යාලය සඳහා හිමිවන බව කී ඒ මහතා ලෝකයටම බලපාන අයුරින් දේශගුණික වෙනස්කම් අධ්‍යයනය කිරීම මෙම ස්ථානයේදී සිදුකර ගත හැකි යැයි ද කීවේය.

ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක මට්ටමින් ජාත්‍යන්තර කොටස්කරුවන්ගේ දායකත්වය ද මෙම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා හිමිවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *