ඇණ හිට තිබුණු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි. – නදීක දයා බණ්ඩාර
ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවා තිබුණු සංවර්ධන ව්‍යාපෘති මෙම වර්ෂයේදී යළි ආරම්භ කරන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා වෙන්වූ ප්‍රතිපාදන මෙම වර්ෂය ආරම්භයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඔස්සේ හිමිවන බව මන්ත්‍රීවරයා කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මැණීක්හින්න නගරයේදී පැවැති ජන හමුවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් මහනුවර නගරයේ ඇණ හිට ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන බව කී ඒ මහතා දැනට රටේ ආර්ථික අර්බුදාත්මක තත්ත්වය පහවෙමින් යන බව ද කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රතිපාදන දිස්ත්‍රික්ක වෙත ලබාදීමට අනුමැතිය ලබාදී ඇතැයි කී ඒ මහතා එහි මුදල් වෙන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කොට ඇතැයි ද සඳහන් කළේය.
ඒ අනුව මහනුවර නගරයේ බහුවිදි මාදිලි ප්‍රවාහන පර්යන්තය, උමං මාර්ග, ජල යෝජනා ක්‍රම ඇතුලු ආරම්භ කොට අවසන් කර නොමැති සියලු ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.