එකම පවුලේ නවයක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරක නවයම රෝහලේ – හලාවත හිරුනි ලක්ෂිකා

එකම පවුලේ නව දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් කන්ටේනර් රථයක හැපීමෙන් නව දෙනාම තුවාල ලබා මාරවිල හා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත .
මේ නව දෙනා අතර කුඩා ළමුන් පස් දෙනෙකු හා ගැබිණි කාන්තාවක් සිට ඇති අතර ඇය සහ කුඩා දැරියක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි .
අද03 අලුයම 02.30 ට පමණ හලාවත කොළඹ මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබේ . මේ පිරිස කොළඹ සිට මදුරන්කුලිය බලා ගමන් කිරීමේදී
මේ අනතුරට මුහුණ දී ඇත . කන්ටේනර් රථය මේ අවස්ථාවේ නවතා තිබී ඇති බව වාර්තා වේ . ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම මේ අනතුරට හේතුව වන්නට
ඇතැයි පොලිසිය සැක පල කරයි . අනතුරට ලක්වූ ළමුන් වයස අවුරුදු දෙක සහ දහය අතර වෙයි . කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත්තේ වයස අවුරුදු අටක
දැරියකි .
මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .