ලංකාවේ ධර්මදූත සංගම් 180 සැමරේ, දිළිඳූ පාසැලකට පානීය ජල ත්‍යාගයක් — මෙලනි මානෙල් පෙරේරා

විශ්වීය ධර්මදූත සංගම් 180 වෙනි සංවත්සරය මෙවර කුරුණෑගල පදවියේ කට්ටිමහන ශාන්ත ආනා ජාතික සිද්ධස්ථනායේදී පසුගිය දා පැවැත්වූවා. කොළඹ අගරදගුර මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රධාන ආරාධිත ලෙසට සහභාගී වුවා. දිවයිනේ සියලුම රදගුරු පදවි නියෝජනය වන පරිදි ධර්මදූත සජීවික සජීවිකාවන්ගේ සහ ධර්මදූත ළමුන්ගේ සහභාගීත්වයෙන් 180වන ධර්මදූත සංගමි සංවත්සරය උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වුණි. 180 වැනි සංවත්සරය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු පාසැලකට පානීය ජල පහසුකම් ප්‍රදානය කිරීමට සුදානම් වෙයි.
වසර 37කට පෙර දී ශ්‍රී ලංකාව තුළ ධර්මදූත බීජය රෝපණය කිරීමේ පුරෝගාමියා වන්නේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වන අතර, “දරුවන් විසින් දරුවන්ට උදව් කිරීම” 180 වැනි සංවත්සරයේ තේමාව විය.

ධර්මදූතිකයින්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු පැහැදිළි කළ අගරදගුරු කාදිනල් රංජිත් හිමිපාණන්, “ඔබ සියලුම දෙනාට ස්තුති කරනවා මෙසේ එක්රැස්වීම ගැන. ආරම්භ කළ ඔබේ ගමන දිගටම යන්න කියලා ආරාධනා කරනවා, මොකද මේ හැමදෙයක් ම දෙවියන් වහන්සේ තමයි සැළසුම් කරන්නේ. උන්වහන්සේ ඔයාලගේ ජීවිත ඵලදරන ජීවිත බවට පත්කරයි. ඔබ තුළින් තමයි දෙවියන්වහන්සේ ශුද්ධවන්තයින් බිහිකරන්නේ” යැයි පැවසීය.
මුලු ලංකාවෙිම සිටින ධර්මදූත දරුවන් එක්රැස්කර ඔවුන් මෙහෙයවීමේ ඇති අසීරුතාවය හා එතරම් පිරිසකට වියදමි කිරීමේ ඇති ආර්ථීක අපහසුතාව යන කරුණු මත දරුවන් උත්සවයට රැස්කිරීම සීමාකළ බවත්, ඒ අනුව කුරුණෑගල සහ හලාවත පදවි දෙක හැරුණූ කොට අනෙක් සියලුම පදවි වලින් දරුවන් 50 බැගින් සහ ඔවුන්ගේ සජීවීකාවන් හට ආරාධනා කළ බවත් බැසිල් රොහාන් පියතුමා මෝජෝ පුවත් වෙත පැවසීය.
“කුරුණෑගල සහ හලාවත පදවි, උත්සව ප්‍රදේශයට ආසන්න බැවින් කුරුණෑල පදවියෙන් පමණක් දරුවන් 2500ක් ඇතුලුව සමස්ත ධර්මදූත ළමුන් 5350 කට ආසන්න පිරිසක් සහභාගි
වුණා.” යැයි පියතුමා කීවේය.

පියතුමා පැවසූ පරිදි, ධර්මදූත ළමා සමාජයෙන් බිහිවුණු සහ ධර්මදූත ළමා සමාජවල සේවය කරන පැවිදි සහෝදර සහෝදරියන් 400 ක් පමණ මෙම උත්සවයට සහභාගී වූහ.
දිව්‍යාසත්ප්‍රසාද වන්දනාව සහ සිංහල දෙමළ භාෂා දෙකෙන් ම කෙටි භාවනාවක් පවත්වමින් දිව්‍යසත්ප්‍රසාද ආශිර්වාදය දානය කිරීමෙන් අධ්‍යාත්මීක මෙහෙය අවසන් කළ බවත්, ඉන් අනතුරුව තේමා ගීතය ගැයීම, ජුබිලි කේක් එක කැපීම, 180ක් බැලූන් ගුවන්ගත කිරීම, ඇතුලු විවිධ ක්‍රියාකාරකම් , විශේෂංග සමග උත්සවයේ කටයුතු පැවැත්වූ බව පියතුමා පැවසීය.
ගරු පියතුමාට අනුව, කාදිනල් හිමිපාණන් විසින් අනුරාධපුරයේ හිගුරක්ගොඩ දී ලංකාවේ ධර්මදූත ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර, ධර්මදූත ව්‍යාපාරය ලංකාවේ ආරම්භකර වසර 37ක් බවත් , වසර 25ක් පුරාවට තවමත් ළමා ධර්මදූතයින් වෙනුවෙන් සේවය කරමින් සිටින දමිළ – සිංහල සජීවක සජීවිකාවන් 11 දෙනෙකුගේ සේවාව ඇගයීමක් ද මෙම සැමරුමේ දී සිදුකර ඇත.

සියලුම පදවි වල දරුවන් විසින් රැස්කළ සියලුම මුදල් පදවි රදගුරුවරුන් විසින් මෙදිනදී කාදිනල් හිමිපාණන් වෙත ප්‍රදානය කර ඇත.
175වන සංවත්සරායේ දී පැවැත්වූ කොඩි දිනය හා රැස්වූ අරමුදලින් ලංකාවේ පළමු ධර්මදූත ළමා සමාජය පිහිට වූ හිගුරක්ගොඩ දිළිඳූ පවුලකට නිවසක් තනා දූන් අතර, මෙවර 180 වැනි සංවත්සරයේ ප්‍රධානම සැමරුම වන්නේ
හොඳින් සොයා බලා හඳුනාගනු ලබන දිළිඳු පාසැලකට පානීය ජල පහසුකම ලබාදීම ලබන වසර ආරමිභයත් සමග සිදුකිරීම බව බැසිල් රොහාන් පියතුමා වැඩිදුරටත් පැවසීය.