පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර දිනයට සමාගාමීව සංස්කෘතික දින සැමරුම කෘෂිකර්ම පීඨ ශ්‍රවණාගාරයේදී – නදීක දයා බණ්ඩාර

 

පේරාදෙණීය විශ්ව විද්‍යාලීය ජාත්‍යන්තර දින සැමරුමට සමගාමිව සංස්කෘතික දින සැමරුම් උත්සවය කෘෂිකර්ම පීඨ ශ්‍රවණාගාරයේදී  (30) පැවැත්විණි. ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සංස්කෘතික නර්ථන අංගවලින් මෙම වැඩසටහන සමන්විත විය. පාසල් දරු දැරියන් විසින් මෙහිදී සංස්කෘතික අංග ඉදිරිපත් කළ අතර එහිදී විශේෂ ස්ථානයක් හිමිව තිබුණේ සාම්ප්‍රදායික නර්ථන අංග සඳහාය. ක්වාලී, කතත් වැනි භාරතීය සංස්කෘතික අංග ද මෙහිදී ඉදිරිපත් වූ අතර නර්ථන අංග පුහුණූ කළ පාසල්වල විෂය භාර ගුරුවරුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවූයේ ඉන්දිය සහකාර මහ කොමසාරිස්වරියගේ අතිනි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමීප සංස්කෘතික සබඳතාවයක් පවතින බව එහිදී සඳහන් කළ සහකාර මහ කොමසාරිස්වරිය, ආහාර, භාෂාව, කලා ශිල්ප ආදියෙන් දෙරට බෙහෙවින්ම සමීප වී ඇතැයි ද කීවේය. දසකම් දක්වන දරුවන් ඇගයීමට ලක් කරන බව ද සහකාර මහ කොමසාරිස්වරිය තව දුරටත් සඳහන් කළාය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සරත් එස්. කොඩිතුවක්කු මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed