වීර මොණරවිල කැප්පෙටිපොළ  ගුණ සැමරුම මහනුවර මහ මළුවේදී – නදීක දයා බණ්ඩාර

වීර කැප්පෙටිපොල මහ අධිකාරම්තුමාගේ ගුණ සැමරුම් උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව අභියස පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී අද (26) පැවැත්විණි.

ඌව – වෙල්ලස්සින් ආරම්භ වූ උඩරට මහ කැරැල්ල ඇතුලු කැරළි සඳහා නායකත්වය දීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින්  කඩු පහරින් ගසා දමන ලද ඔහුගේ හිස් කබල තැම්පත් කොට ඇති ස්ථානයේ පිහිටි ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

මොනරවිල පරම්පරාවේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක්වූ අතර මහා සංඝරත්නය පිරිත් සඤ්ඣායනා කොට, පැන් වඩා මොනරවිල කැප්පෙටිපොල විරුවාට පුණ්‍යානුමෝදනා සිදුකරන ලදි.

සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, සිව් මහා දේවාල බස්නායක නිලමේවරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *