තම ගිණුමෙන් රු 1000 ක් ගන්න අමතර රු 1500 ක් ඕන .නෝර්ටන් වැසියෝ මැසිවිළි නගති. -චන්දන ජයවීර – හැටන් 

 

හදිසි අශ්‍යතාවයක් සදහා තම පුද්ගලික බැංකු ගිණුමෙන් රුපියල් 1000ක මුදලක් ලබා ගැනීමට කිලෝමීටර් 13 ක් හෝ 20 ක දුරක් යා යුතු බවත් ඒ සදහා ත්‍රීවිලර් රථයකට රුපියල් 1500 ක මුදලක් නිකරුනේ වැය කිරිමට සිදු වන බවටත් නෝර්ටන් නගර වැසියන් මැසිවිලි නගති .

අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් නෝර්ටන් නගරය යනු එකම රාජ්‍ය හෝ පුද්ගලික වාණිජ බැංකුවක් නොමැති නගරයකි .මෙරට පළමු ජල විදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඉදි කිරිමටත් පෙර සිටම ජනාවාසයක් වු නෝර්ටන් නගරය කේන්ද්‍රීය කරගත් ගම්මාන රැසකි. ලක්ෂපාන,කිරිවන්එළිය,කළවැල්දෙණිය,

ඔස්බෝන්, විමලසුරේන්ද්‍ර ගම ,කොත්තැල්ලෙන ,හඟරාපිටිය,ඇඩිට්රි ආදි ප්‍රදේශ මුලික කර ගත් ගම්මාන රැසකි .නෝර්ටන් නගරයේ ප්‍රධාන පාසල් දෙකක් ,පොලිසිය ,ඉන්ධන පිරවුම් හල ,වෛද්‍ය ශාලාව හා වෙළඳසැල් පිහිටා ඇත.කිරිවන්එළිය ,ලක්ෂපාන හා කළවැල්දෙණිය ප්‍රදේශවල රාජයේ පාසල් තිබේ .ඉහත ගම්මාන වල ජීවත් වන ජනතාව ගිනිගත්හේන හරහා කොළඹ හා මහනුවර වෙත මෙන්ම හැටන් නගරය වෙත ගමන් කිරිමට ද පැමිණෙන කේන්ද්‍රීය නගරය නෝටන් ය.

ශ්‍රිපාද වන්දනා සමයේ දී මෙන්ම අනෙකුත් කාල වල දී ද දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී පාදය හා පාරසරික සුන්දරත්වය විඳීමට යන එන අතර නෝටන් නගරයට එනු ඇත .

එලෙස පැමිණෙන ප්‍රදේශවාසීන් ,දෙස් විදෙස් සංචාරකයින් නගරයේ රාජ්‍ය හෝ පුද්ගලික බැංකුවක් හෝ ක්ෂණිකව මුදලක් ලබා ගැනීමට A T M යන්ත්‍රයක් වත් නොමැතිව බොහෝ සෙයින් අසරණ වන බව ගම්වාසීන් පෙන්වා දෙති .

රාජ්‍ය සේවයේ හා විවිධ ව්‍යාපාර වල නිරතවන ජනතාව සේම තේ ,කෝපි, කරාඹු, එන්සල් ආදි ආර්ථික බෝග වගා කරන ගොවි ජනතාව එවා අලෙවි කර ගැනීම සදහා හැටන් හෝ ගිනිගත්හේන නගර වෙත ගමන් කල යුතුව ඇත .එවා මිලදී ගැනීම් මධ්‍යස්ථානයක් පවා නෝර්ටන් නගරයේ ක්‍රියාත්මක නොවන්නේ මූල්‍ය ගනුදෙනු කිරිම සදහා බැංකුවක් නොමැති නිසාය .

නගරය ආර්ථික වශයෙන් සංවිධානය වීමටත් මෙම කාරණය දැඩි බලපෑමක් වී ඇති බව පවසන එහි ජනතාව එම නිසා මෙම නගරය හා ඒ අවට ගම්මාන රැසක ජනතාවගේ පහසුව උදෙසා නෝර්ටන් නගරයේ රජයේ හෝ පුද්ගලික බැංකුවක් අවම වශයෙන් මුදල් ලබා ගැනීම හා තැන්පත් කිරිම සදහා  ATM යන්ත්‍රයක් සවි කිරිමට කාරුණික වන මෙන් වගකිවයුත්තන් ගෙන් ඉල්ලා  සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *