මානව හිමිකම් පාදක ප්‍රවේශය පිළිබඳ පුහුණු වැඩමුළුව – මධ්‍යම පළාත – නදීක දයා බණ්ඩාර

රාජකාරී ඉටු කිරීමේදී මහජන මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබදව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වි විද්‍යාලයේ මෙහෙයවීම මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවැත්විණි.
මධ්‍යම පළාත කේන්ද්‍රකර ගනිමින් තීරණ ගැනීමේදී මානව හිමිකම් පාදක ප්‍රවේශයේ භාවිතය පිළිබඳ වැඩිදුර පුහුණුවක් මෙම වැඩසටහන මගින් ලබාදීම සිදුවිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම පුහුණු වැඩමුළුව සංවිධාන කොට තිබුණු අතර මෙහිදී සිදුවූයේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමය.
මහජන මානව හිමිකම් රැක ගැනිම කෙරහි මෙහිදී වැඩි අවධානය යොමු වූ අතර වඩාත් කාර්යක්ෂම මහජන හිත සුව පිණිස රාජකාරී සිදුකිරීම පිළිබදව ද කරුණු සාකචඡා කෙරණි.
යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව අධිකරණ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම පරිදිය.
මෙම පුහුණු වැඩමුළුව සඳහා නීතිඥ තිරුනව් කරසු මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ව්‍යාපෘති කළමණාකාර චතුරි ජයවර්ධන මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.