අධිකරණ තීන්දුවේ කරුණු පිළිබදව නීතිමය උපදෙස් පතන බව නාමල් රාපක්ෂ මහනුවර දී කියයි. – නදීක දයා බණ්ඩාර

රට බංකොලොත් වී ආර්ථිකය කඩා වැටුණු බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය සහාය පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණයට ගරු කොට  නීතියට හිස නමන බව කී ඒ මහතා තීන්දුවේ අඩංගු කාරණා පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය සඳහා නීතිමය උපදෙස් පතන බව මහනුවර දී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව පරාජය කිරීම සිදු නොකළ යුතු යැයි කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

අය වැය පාරාජය කිරීම තියෙන්නේ විපක්ෂයට.සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු විපක්ෂය දැන ගතයුතු වෙනවා අය වැය පරාජ කරවන්න. ඒ අය ශක්තිමත් කියලා ඒ අයට  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරලා එක මතයකට එන්න පුළුවන් කියලා ඒක ඒ අයගේ කාරණයක් බවත් අපේ වගකීමක් තමා අය වැයේ අඩු පාඩුවක් තියනවානම් එක පෙන්නලා දෙනවා.අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ පොහොර ප්‍රශ්නය පිළිබදව කටවල් වහගෙන හිටියානේ අද වුනු දේ දැක්කනේ.

අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව පරදය කිරීම නෙවේ, ඒ ආණ්ඩුවෙන් ජනතාවාදී  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. අය වැය නරක අය වැයක් නොවේ අය වැයේ තියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති කම, ඔය තියන යෝජනා පසුගිය වසරේත් ප්‍රකාශයට පත් කරා.රටේ වර්තමානයේ තියන බඩු මිල වැඩි හැබැයි බඩු අඩුකරයි කියලා නඩුවකුත් දාලා වැරදි කාරයින් කියලා පත්වෙලත් තියනවා. එම නිසා අපි අවසානයේ අපි කොතනින්ද ඉර අදින්නේ. බදු වැඩි කර අයටත් ඉදිරියේ කියන්න පුළුවන් මානව හිමිකම් උල්ලංඝනයක් වණා කියලා.බදු වැඩි කරපු නිසා මේ රටේ ආර්ථිකය හැසිරිවිම තුල අපි අනාගතවාදී වැඩ පිළිවලකට යා යුතු වන බවත් නිෂ්පාදන ආර්ථිකය  වැඩි විය යුතු අතර අපනයනය  වැඩි කළ යුතු වෙනවා.කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් අපි රැක ගත යුතු වෙනවා. සංචාරක ව්‍යාපාරයට තැන දෙන්න ඕනි එම නිසා මෙම අය වැයේ සමහර යෝජනා ප්‍රයෝගික නැහැ.සමහර යෝජනා හොදයි හැබැයි ප්‍රයෝගික නැති යෝජනා බිම් මට්ටමේ ක්‍රියාත්මක කර වීමට තමා පාර්ලිමේන්තුවක් තියෙන්නේ, නැතිනම් ආණ්ඩුව කියන හැම එකම හරි කියන එක නොවේ. අපේ වගකීම තමා මේ ආණ්ඩුව තුල යම්කිසි ජනතා විරෝදී කටයුත්තක් සිදු වෙනවානම් අපේ ප්‍රතිපත්ති වලින් පිට යනවානම් ඒ පිළිබදව ආණ්ඩුව තුලත් පාර්ලිමේන්තුව තුලත් රට තුලත් හඩ නගන්න ඕනි.

රට බංකොලොත් බාවයට පත් වුණා ආර්ථිකය කඩා වැටුණු බව අපි පැහැදිලිව කියන්න ඕනි, අපි  අධිකරණයට ගරු කරනවා. අධිකරණ තීන්දුවට හිස නවනවා. පාර්ලිමේන්තුව තුල මේ වනවිටත් කමිටුවක් පත් කර තියනවා. රටේ ආර්ථිකයට පසුගිය කාලයේ  සිදුවූ සිදුවීම් පිළිබදව සොයන්න. අපි අපෙ පැත්තෙන් නීතිමය සහය පතනවා . ඒ තීන්දුව පිළිබදව තවදුරටත් අඩංගු කරනා නිරීක්ෂණය කරලා නීතිමය උපදෙස් පතනවා. සිවිල් අයිතිවාසිකම් නඩුවක යනවිට ලිඛිත ලේඛන පමණයි දෙන්නේ, නැතිනම් හරස් ප්‍රශ්න ඇසීමක් නැතිනම් සාක්ෂි කැදවීමක් කරන්නේ නැහැ. අපි විශ්වාශ  කරනවා පාර්ලිමේන්තුව තුලට පමණයි මුල්‍ය බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් පත් කර තියන කමිටුවට පුළුවන් ඔය කියන සියලුදෙනාම කැදවලා අදාල කරනා පිළිබදව තව දුරටත් විශ්ලේෂණයක් කරන්න.

බදු අඩු කරලා රටේ ජනතාවට සහන දීම තුල යම්කිසි මානව හිමිකමක් උල්ලංගනය වෙලා තියනවානම් ඒ පිළිබද පාර්ලිමේන්තුවට පුළුවනි ඉදිරි කාලයේදී කොතනද  බදු වැඩි කිරීමේ හෝ අඩු කිරීමේ ඉර අදින්නේ කියලා. දැන් අපිට IMF  එකත් එක්ක අසීමිත බදු වැඩි කරන්න සිදු වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තුල රටේ ජනතාවත් යම් කිසි තැනක ඉර ඇද ගත යුතුයි කියලා මම විශ්වාශ කරනවා.අද තියන බදු ප්‍රමාණය ගෙවලනම් පවුද්ගලික අංශයට නම් ජනාධිපතිතුමා කරපු ඉල්ලීමට අනුව පඩි වැඩිකිරීමට අමාරුයි. දේශපාලනයෙන් තොර විය යුතුයි ඕනෑම ක්‍රීඩාවක් අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කමිටු ගොඩක් පත් කර තිබෙනවා. මේ පත් කර කමිටු වලින් කොහොමද ක්‍රීඩකයින්ට සාදරනයක්  වෙන්නේ කියලා. ක්‍රීඩකයන්ට අවකාශය දෙන්න ඕනි. අවශ්‍ය සහයෝගය දෙන්න ඕනි .මානසිකත්වය බලන්න ඕනි ඉදිරියේදී මේ දෙගොල්ලෝ ගහ බැන ගත්තොත් බැට කන්නේ ක්‍රීඩකයෝ.

ICC එක ක්‍රිකට් ක්‍රීඩාව ගැන යම්කිසි තීරණයක් අරගෙන තියනවානම් ඒ පිළිබදව ආණ්ඩුවට දැනුම් දීලා තියනවානම් ඒ පිළිබදව ආණ්ඩුව මැදිහත්වෙලාකටයුතු කිරීම    සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed